ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බවත් තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.