ලංකාවේ නූඩ්ල්ස්වල ඊයම් ප්‍රමාණය වෙනත් රටවලට වඩා අඩුයි

Published in පුවත්
Friday, 26 June 2015 10:48

ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති නූඩ්ල්ස් සාම්පල පරීක්ෂාවෙන් ලැබුණු වාර්තා අනුව එම ආහාරවල අඩංගු ඊයම් ප්‍රමාණය වෙනත් රටවල මෙවැනි ආහාරවල අඩංගුවිය හැකි බවට නිර්දේශ කර ඇති ඊයම් ප්‍රමාණයට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන සම්බන්ධ කර ගනිමින් මෙම කරුණු සම්බන්ධව විශේෂ ආහාර උපදේශන කමිටු රැස්වීම පැවැත්වු අතර ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති විවිධ ක්ෂණික නුඩ්ල්ස් වර්ග පිළිබඳවත්, ඒවායේ සම්භවය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ භාවිත කරන අමුද්‍රව්‍ය ආදිය පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවට ක්ෂණික නූඩ්ල්ස් ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයනය නොකරයි.සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන අතර මොනෝ සෝඩියම් ග්ලුටමේට් නම් රසායන ද්‍රව්‍ය පමණක් අානයනය කරන බව මෙහිදී අනාවරණය කෙරිණ.

ලංකාවේ ක්ෂණික නුඩ්ල්ස්වල අඩංගු විය හැකි උපරිම ඊයම් ප්‍රමාණයක් සම්මත කර නොමැත.

වෙනත් රටවල් කිහිපයක මීට සමාන ආහාර සඳහා තිබිය හැකි උපරිම ඊයම් ප්‍රමාණය පහත පරිදිය.
ඉන්දියාව - 2.5 mg/kg (කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම්)
මැලේසියාව - 2.0 mg/kg
සිංගප්පූරුව - 2.0 mg/kg
ඔස්ට්‍රේලියාව - 0.3 mg/kg

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළ ඇති නූඩ්ල්ස් වලින් පරීක්ෂණ සඳහා යැවූ කිසිදු නියැදියක අවම අගය වූ 0.3 mg/kg ප්‍රමාණය ඉක්මවා ගිය අගයක් වාර්තා නොවී අැත.
නමුත් පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන සියලුම ක්ෂණික නුඩ්ල්ස් වර්ගවලට පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ආහාර උපදේශන කමිටුව තීරණය කරන ලදී.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලුම නූඩ්ල්ස් වර්ග රට තුළට ඇතුළුවීමට ප්‍රථම ඊයම්, රසදිය, ආසනික් හා කැඩ්මියම් යන බැරලෝහ පරීක්ෂාවට ලක්කිරීම.

වෙළෙඳ පොළේ පවතින සියලුම වර්ගවල ක්ෂණික නූඩ්ල්ස් කාණ්ඩවලින් සාම්පල් ලබාගෙන ඊයම් ප්‍රමාණය නිශ්චය කිරීම සඳහා අදාළ රසායනාගාර වෙත යොමුකරන ලෙස නිෂ්පාදකයන් වෙත දැනුම් දීම හා එය අධීක්ෂණයට දිවයින පුරා සිටින ආහාර පනත යටතේ පත්කර ඇති නිලධාරීන් වෙත විධාන කිරීම.

මේ අනුව විශ්ලේෂණ සඳහා රසායනාගාර වලට යොමු කරන සාම්පලවල ඊයම් ප්‍රමාණය 0.3 mg/kg ඉක්මවා පවතින බවට වාර්තා වන්නේ නම් වහාම එම කාණ්ඩවල ක්ෂණික නූඩ්ල්ස් වෙළෙඳ පොළින් ඉවත් කිරීමට කටයුතු කිරීම.

පවතින තත්ත්වය සමනය වනතුරු සියලුම නූඩ්ල්ස් වර්ග සදහා කරනු ලබන වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස අදාළ නිෂ්පාදකයන්ට දැනුම් දීම හා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දැනුවත් කිරීම.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us