බැඳුම්කර නිකුතුව ගැන කෝප් කමිටුවට සාක්‍ෂි දෙන්න මට ඉඩ දුන්නේ නෑ - අගමැති

Published in පුවත්
Friday, 26 June 2015 10:06

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ සාක්‍ෂි දීමට කැඳවන මෙන් තමා එම කමිටුවෙන් ඉල්ලා සිටිය ද, තමන්ට ඒ සඳහා අවස්‌ථාව ලබා දී නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (25 වැනිදා) සන්ධ්‍යාවේ කොළඹ රාජගිරියේ මහබැංකු ශ්‍රවණාගාරයේ පැවැති ජාතික විද්වත් මණ්‌ඩලයේ සප්ත වාර්ෂික සමුළුව අමතමින් අගමැතිවරයා තවදුරටත් පැවැසුවේ විෂය භාර ඇමැතිවරයා ලෙස තමා කළ ඉල්ලීම නොසලකා හැරීම නිසා කමිටුවේ අපක්‍ෂපාතීත්වය පිළිබඳව බරපතළ ගැටලු මතුවන බවයි.

තමන් ලබා දෙන සාක්‍ෂිය පිළිගැනීමට හෝ නොපිළිගැනීමට කෝප් කමිටුවට පූර්ණ අයිතිය ඇතත්, සාක්‍ෂි ලබා දීමට තමන්ට අවස්‌ථාව ලබා නොදීම ඔස්‌සේ කමිටුව සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන්නේ ද යන්න පිළිබඳ සැක මතුවන බව ද වික්‍රමසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය යාන්ත්‍රණයෙන් හා සාමාන්‍ය ජන ජීවිතයෙන් අල්ලස හා දූෂණය සම්පූර්ණයෙන් ම තුරන් කරලීම සඳහා මේ ආණ්‌ඩුව කැප වී ක්‍රියා කරන බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා, මෙතුවක්‌ කල් දූෂණ කඩතුරාවක්‌ සේ ක්‍රියා කළ පාර්ලිමේන්තුවකින් දූෂණය මැඬලීමක්‌ බලාපොරොත්තු වන්නේ කෙලෙසින් දැයි ප්‍රශ්න කළේය.

මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම මීට කලින් පුද්ගලික මට්‌ටමින් සිදු කළ අතර, දැන් මහ බැංකුවේ කටයුතුවල සුජාත භාවය ගැන ප්‍රශ්න කරන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකල,ඒ පිළිබඳව වචනයක්‌ කතා නොකළ බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

ඒ තත්ත්වය වෙනස්‌ කොට ප්‍රසිද්ධ වෙන්දේසියක්‌ මගින් පිළිගත් ටෙන්ඩර් මණ්‌ඩලයක තීන්දු මත, බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළේ මේ ආණ්‌ඩුව යටතේ බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ බැඳුම්කර නිකුතුව ගැන විපක්‍ෂය ප්‍රශ්න නැඟූ කල්හි, තත්ත්වය සොයා බැලීම සඳහා කමිටුවක්‌ පත් කිරීමට හා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හරහා පරීක්‍ෂණ පැවැත්වීමට ද ආණ්‌ඩුව ඉඩකඩ සැලසූ බව ද වික්‍රමසිංහ මහතා පැවැසීය.

පසුගිය දස වසර මුළුල්ලේ විවිධ අවස්‌ථාවන්හි එල්ල වූ කිසිදු දූෂණ චෝදනාවක්‌ පිළිබඳ සොයා බැලීම සඳහා පියවර ගැනීමට එකඟ නොවූ, ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ අප ප්‍රශ්න නැඟූ කල්හී මුනිවත රැකි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සුදනන් මෙන් පෙනී සිටීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණක්‌ බව ද අගමැතිවරයා කීවේය.

divaina

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us