අවුරුදු 11 ක දැරියක් දින 11 ක් තිස්සේ සහ තවත් අවුරුදු 9 ක දැරියක් ද දූෂණය කළ බවට චෝදනා ලැබූ නාවික හමුදා භටයන් පිරිසක් අධිකරණය විසින් නිදහස් කර ඇත. මෙකී සිදුවීම වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්හි ඌරි නම් දිළිඳු ගම්මානයෙනි.

සීමාසහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.

අන්තර් ජාලය ඔස්සේ ළමුන් අපයෝජනයට පොලඹවා ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් 2500 පමණ කොටුකර ගැනීමට උත්සාහ දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික සමගියට බාධා ඇති කරමින් ප‍්‍රභාකරන් රටේ ගමන වැළැක්වීමට උත්සාහ දැරුවද එය අසාර්ථක වූ බවත්, වර්තමානයේ රාජපක්ෂ ආණ්ඩුව එම අසාර්ථක වැඩපිළිවෙළ හසුරුවන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කරෛනගර් ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු ලිංගික අතවරයට ලක්වීම පිළිබඳව විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුවිය යුතු යයි 'ලංකා ගුරු සංගමය' රජයට බලකර සිටියි.

කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවන ළමා අපයෝජනවලින් වාර්තා වන්නේ සියයට විසිපහක් වැනි සුළු සංඛ්‍යාවක් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

ITN ඉඩම විකුණයි

Published in පුවත්
Saturday, 19 July 2014 21:40

ආයෝජකයන්ට විකිණීම සඳහා කොළඹ නගරයේ ස්ථාන විස්සක ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවි ඇති අතර එහි විශේෂත්වය වන්නේ කොළඹ ටොරින්ටන්හි පිහිටි ස්වාධීන රූපවාහිනී සංස්ථාවට අයත් ඉඩම ද පවරා ගැනීමට නියමිත වීමය.

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතර කරමින් පොළව අභ්‍යන්තරයේ ඇති වස්තූන් සොයා ගත හැකි නවීන උපකරණයක් ලබාගැනීමට මේ වනවිට ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සමග පරීක්ෂණයක නිරත වී සිටින බවත්, එමගින් නිදන් කොල්ලය නැවැත්වීමට හැකිවන බවත් ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

worky

worky1

ld add copy

Connet With Us