ගෝඨා යුද්ධය පටන් ගත්තෙත් කොමිස් ගහලා-මංගල

Published in පුවත්
Wednesday, 24 June 2015 15:25

පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් යුද්ධය වවාගෙන කෑ බවත් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය ආරම්භ කරනු ලැබුවේද කොමිස් ගසා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මිග් ගණුදෙනුව මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කළ මහා දේශ දෙ‍්‍රා්හී වංචාව ඔප්පුවුවහොත් ඔහුගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි වී යන බව අමාත්‍යවරයා පැවසුවේය. හිටපු ජනපතිනිය වන වන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 2000 වර්ෂයේදී දී ඩොලර් මිලියන 2.5 කට මිලදී ගත් ගුවන් යානා ගෝඨාභය විසින් ඩොලර් මිලියන 2.5 කට මිලදී ගත් බවත් මෙහිදී ඔහු ඩොලර් මිලියනයකටත් වඩා විශාල මුදලක් වංචා කර ඇති බව පැවසුවේය.

මොහු මේ සදහා මුදල් ගෙවා ඇත්තේ බෙලීෂියා නම් ආයතනයකට බවත් එය ලන්ඩනවල ලිපිනයකින් පැවතියද එම ස්ථානයේ එබදු සමාගමක් නොමැති බවත් පැවසුවේය.මෙම ගනුදෙනුව සිදු කිරීමට සතියකට පෙරදී බ‍්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් වල එම බෙලීෂයා නම් ආයතනය ලියාපදිංචි කර ඇති බවත් පැවසුවේය.

බ‍්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් යන දූපත හොර සල්ලි හංගන දූපතක් ලෙස ඉතා ප‍්‍රකට බවත් පැවසුවේය.

නමුත් රාජපක්ෂලා පවසන පරිදි මෙම ගනුදෙනුව ලංකා රජය සහ යුකේ‍්‍රන රජය අතර සිදුවූ ගනුදෙනුවකි. එසේනම් හොර සමාගමකට මුදල් ලබා දුන්නේ ඇයි යනුවෙන් තමා ප‍්‍රශ්න කරන බව පැවසුවේය.

මේවා මිලදී ගැනීමට උදව් කරනු ලැබුවේ රාජපක්ෂලාගේ ඥාතියෙක් වූ යුකේ‍්‍රන තනාපතිව සිටි උදයංග වීරතුංග බවත් මෙය පවුලේ හොරකමක් බවත් පැවසුවේය.
යුකේ‍්‍රන රජය විසින් නිලවශයෙන් ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය පැමිණිල්ලක් යොමු කර ඇති බව පැවසුවේය. උදයංග වීරතුංග එරට තුළ තානාපතිව සිටි සමයේ විවිධ පුද්ගලයන්ට හොර රහසේ අවිආයුධ ලබා දී ඇති බවට යුකේනය රාජ්‍ය පැමිණිල්ලක් සිදු කර ඇති බව පැවසුවේය.

මේ පිළිබදව නව රජය විසින් සොයා බලා කටයුතු කරන බවත් ජනතාවට විනිවිද පාලනයක් ලබා දෙන බවට පොරොන්දු වූ රජයක් වශයෙන් ඒ ගැන කටයුතු කිරීම වගකීමක් බවත් පැවසුවේය.

මෙම කාරණා සම්බන්ධව හැකිනම් නඩු පවරන ලෙසත් තමාද මේ පිළිබදව තවත් කරුණු හෙළි කිරීමට ආසාවෙන් සිටින බවත් පැවසුවේය.යුද්ධය සිදු කිරීමට අැති මුදල් පවා සිය සාක්කු වලට දමා ගත්තේ අැයිද කියා හෙළි කරන ලෙසද පැවසුවේය.රාජපක්ෂලා යුධ ජයග්‍රහනයේ මුවාවෙන් ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීමට අත්තිවාරම දැමූ බවත් කොටි සංවිධානය පෝෂණය කරන විදේශ ප්‍රතිපත්තියක් ගෙන ගිය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Wednesday, 24 June 2015 15:38

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us