ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුඩා පාසල් දරුවන්ද රවටමින් සිටී. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුඩා පාසල් දරුවන් වෙත මේ වන විට බෙදාහරිමින් තිබෙන පාසල් ගමන් මල්ලකි.

ආණ්ඩුකාරවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිටීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු යළිත් වතාවක් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට අවකාශයක් පවතින බව විපක්ෂයට එක් වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ ‍බැටෑලියන් එක ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .

මෙම වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය අද (28)පහළොස් ලක්‍ෂයේ කඩඉමට ළඟාවුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වසර 9ක පාලනය අවසන් කරමින් සන්ධාන ආණ්ඩුවෙන් තවත් පිරිසක් හෙට දිනයේ සිට ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. අද දිනයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ සහයද සිරිසේන මහතාට හිමිවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරන අපේක්ෂකයා ලෙස දිනවීමට කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව ප්‍රකාශ කිරීම නිසා ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට බරපතල හානියක් සිදුවෙමින් පවතින බව  බුද්ධ අංශ වාර්තාවක් විසින් පෙන්වා දී ඇතැයි අරලියගහ මන්දිරයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us