මහින්දලගෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට කෝටි 12ක පොල්ලක් Featured

Published in පුවත්
Wednesday, 29 July 2015 13:07

රාජපක්ෂලා සහ වන්දිභට්ටයන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් සහ ගුවන් යානා භාවිතා කර, නොගෙවා පොල්ල තබා අැති මුදල රුපියල් දෙළොස් කෝටි පනස් අට ලක්ෂ විසි හත් දහස් හයසිය හතලිස් එකක් බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.ඔහු මේ බව පැවසුවේ හෙළිදරව්ව මාධ්‍ය හමුව අමතමින්ය.

මෙබදු වංචා සිදුකළ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක මහින්ද රාජපක්ෂව අධිකරණය හමුවට පැමිණ විය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. පසුගිය දිනක හිටපු ජනපතිට අපහාස කළා යැයි වන්දි ඉල්ලා නඩු පවරන බව පුවත්පතක සදහන්වූ බව ඔහු දක්වා සිටියේය. එසේ වන්දි ඉල්ලූ පිරිස අතරින් වැඩිම වන්දි මුදල තමාගෙන් ඉල්ලන බව එහි සදහන්වූ බවත් ඒ වචනය කඩ නොකර තමාට නඩු දාන්න යැයි අභියෝග කරන බවත් පැවසුවේය.

අධිකරණය ඉදිරියේදී සාක්ෂි සහිතව මෙම වංචා ඔප්පු කිරීමට ඒ අවස්ථාව උදාවන තෙක් බලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ගෝල බාලයන් විසින් ශ්‍රීලංකා ගුවන් සේවයේ යානා වලින් ගසා කෑ අාකාරය හෙළිවී අැති බව ඔහු පැහැදිලි කළේය.

රාජපක්ෂ රජතුමාට ගමන් බිමන් යාමට රුපියල් කෝටි 208 ක් වියදම් කර වෙනමම සුපිරි ගුවන් යානයක් ලබා ගැනීම සදහා ගිවිසුමක් සකස් කර තිබූ බවත් යහපාලන අාණ්ඩුව අාගමනය සමග ඒ ගිවිසුම නතර කළ බැවින් ජනතාවට කෝටි 208 ක් ඉතිරි වූ බව පැවසුවේය.

රාජපක්ෂ රෙජිමය වගකීමක් නැතිව ජනතා මුදල් කාබාසිනියා කර අැති බවත් සාමාන්‍ය ගුවන් යානයක් භාවිතා කිරීම වෙනුවට සුපිරි ගුවන් යානයක් තබා ගෙන රජ සැප විදීමට සූදානම් වූ බව පැවසුවේය.

රාජපක්ෂවරු ජනතා මුදලින් රජවරු මෙන් ජීවත් වී අනාගත පරපුර මත ඒ ණය පටවා සමස්ත අනාගත පරපුරම උගසට තබා ජොලි කළ පිරිසක් බව ඔහු සදහන් කළේය.

නාමල් රාජපක්ෂ ගේ අාශාවන් සන්සිදවීමට නාටිකාංගනාවන් කණ්ඩායමක් සමග ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානාවක් ශාන්ත කිඩ්ස් බලා පියාසර කර අැති බවත් ඔවුන් මේ ගමන ගැන පවසා අැත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග ගැන සාකච්ඡා කිරීමට ගිය බවකි. නමුත් මේ ගමන සදහා ක්‍රීඩා බලධාරීන් පමණක් නොව නාටිකාංගනාවන් සහ නිළියන් පවා එක් කර ගෙන අැත.

මේ ගමන සදහා වූ බදු මුදල පමණක් රුපියල් ලක්ෂ 4කි. මේ ගමන සදහා යානාව නොමිලයේම ලබා ගෙන අැති අතර බදු මුදල ගෙවීමද පැහැරහැර තිබේ.
2014 ඔක්තෝම්බර් මේ අාකාරයට රෝමයට ගිය වියදම ද ගෙවා නැති අතර ඒ අනුව ලක්ෂ 441 ක පොල්ලක් තබා අැත. ඒම වර්ෂයේම දෙසැම්බරයේ කත්මණ්ඩු දක්වා ගිය ගමනට ලක්ෂ 284 ක පොල්ලක් තබා අැත.පසුව තිරුපති ගිය වියදම සදහා වන පොල්ල ලක්ෂ 39 කි.

මේ අාකාරයෙන් රජවරු ගමන්කරද්දී හෙන්චයියන් නිකං සිටියේ නැති බවත් විමල් වීරවංශ වැනි වන්දිභට්ටයන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ටිකට් ලබා ගෙන ඒවාට පොලු තැබූ බවත් කීවේය. ඔහුට අමතරව තවත් හෙන්චයියන් පිරිසක් පිළබදව අනාවරණය වී අැති බවත් චන්ද්‍රපාල ලියනගේ,වජිර අබේසිංහ,ඉන්දික කරුණාසේන,විජිත බේරුගොඩ වැන්නන් ද ගුවන් ප්‍රවේශපත්‍ර ලබා ගෙන ඒවාට නොගෙවා වංචා කර අැති බව පැවසුවේය.

මේ අනුව රාජපක්ෂලා සහ පිරිවර ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් වලට සහ ගුවන් යානා වලට නොගෙවා පොල්ල තබා අැති මුදල රුපියල් දෙළොස් කේටි පනස් අට ලක්ෂ විසි හත් දහස් හයසිය හතලිස් එකකි.

ඒ නිසා වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපෙක්ෂක මහින්ද රාජපක්ෂව අධිකරණය හමුවට පැමිණ විය යුතු බවත් අධිකරණය ඉදිරියේදී සාක්ෂි සහිතව මේවා ඔප්පු කිරීමට ඒ අවස්ථාව උදාවන තෙක් බලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Wednesday, 29 July 2015 13:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us