ජනපතිගේ කීර්තිනාමය කෙළෙසුනැයි රෝහණ වීරසිංහ හඬා වැටේ.
හම්බන්තොටදී හා කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල්බලකා මැර කල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයාගේ සංගීත උපදේශක රෝහණ වීරසිංහ තව දුරටත් මෙම ප්‍රහාරකයන් ආරක්ෂ කිරීමට ඉදිරිපත්ව තිබේ. ඔහුට තිබෙන වේදනාව තමන්ගේ ජීවීතේ වැඩිම කාලයක් තමා සමඟ එකට වැඩ කළ මිතුර වන ලක්ෂ්මන් විජේසේකරට හා එම දියනියට හෝ තමාගේම දරුවන් වැනි වූ තරුණ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නොවේ. මේ මෘග පාලනය මෙහෙයවන ජනාධිපති රාජපක්ෂගේ "කීර්ති නාමය"කෙළසීම ගැනය.
මෙවර කිසිදු දූෂණයකට ඉඩක් නෑ. බය නැතුව ඇවිත් ඡන්දය දාන්න
ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් වන තෙක් ක්‍රියාවලිය තුළ කිසිදු ආකාරයක දූෂිත ක්‍රියාවක් සිදු වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
අයවැයෙන් පොරොන්දු වූ ආකාරයට ගුරු හා විදුහල්පති උසස් වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරය ආරම්භයේදී වැඩවර්ජනය කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.
අපි කවදාවත් ඊලමක් ඉල්ලුවේ නෑ - රායප්පු ජෝශප් පියතුමා
දෙමළ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක් ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක් තුළ සමානාත්මතාවකින් ජීවත්වීම දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ඊයේ (30 වැනිදා) පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අද පිටරටින් නළු නිළියෝ ගෙනල්ලා ඉතාමත්ම පහත් අන්දමින් තමන්ගෙ ඇඟ බේර ගන්න හදනකොට අනිත් පැත්තෙන් මිහින්ද රාජපක්ෂ කොයිතරම් බංකොළොත් වෙලාද කිව්වොත් අද යුද්ධය විකුණගෙන කාල ඒකත් හරි යන්නෙ නැතුව රණවිරුවෝ විකුණගෙන කාපු මහින්ද රාජපක්ෂ දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීයත් විකුණගෙන කන තත්වයට පත් වෙලා. මහින්ද රාජපක්ෂගෙ දැන්විම් ව්‍යාපාරයට ජාතික ගියේ කොටස් එක් කර ගැනීමෙන් ඒක පැහැදිලි වෙනවා. යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද පැවැති මාධය සාකච්ඡාවකදි පැවසීය.
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ සමන්ට, මහින්දගේ කලා රැස්වීම් බාරදෙයි
දරුවන් දෙදෙනකු යට කර සලමන් ඛාන් රටින් පනී ! (photos)
(update) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී.