දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා යාපනය කුඩත්තනෙයි ප්‍රදේශයේදී සිය ඡන්දය භාවිතා කළ අයුරු

අද උදෑසන පටන් ඡන්දය ප්‍රකශ කිරීම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වෙත විශාල පිරිසක්  එක් රොක් වී සිටිනු දක්නට ලැබුණි.

යාපනය නගරය ආශ්‍රිතව ඡන්දය දැමීම සඳහා යන පිරිස් වෙත නාමල් රාජපක්ෂගේ ගෝලයෙක් වන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී අන්ගජන් විසින් අරක්කු බෙදා හරින බව පැවසේ. මීට අමතරව නාවල්අඩි ප්‍රදේශයේ වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ඡන්ද මධ්‍යස්ථානය වෙත අලි ඩොන් ගසා පලා ගොස් ඇත. මෙය අන්ගජන් මන්ත්‍රීගේ ගෝලයන් විසින් සිදු කරන්නට ඇතැයි සැක කෙරේ.

කොළඹ10 අබේසිංහාරාම ඡන්ද මධ්‍යස්ථානයේදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී  සිය ඡන්දය ප්‍රකශ කළ අයුරු

ranil1

ranil2

ranil3

අද උදැසන 9.00 ට ජාතික රූපවහිනිය විශේෂ පුවතක් විකාශය කරමින් සජිත් ප්‍රේමදාස මහතා අරලිය ගහ මන්දිරයට ගිය බවට අසත්‍ය පුවතක් විකාශය කිරීමට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමසරිස් වරයාට පැමිණිලි කර තිබේ.

විපක්ෂයේ දේශපාලන ප්‍රබලයින් රැසක් මේ වන විට තම ඡන්දය ප්‍රකාශ කර අවසන්. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කරේ පැලවත්ත පිරිවෙනේදිය. එසේම ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සිය ඡන්දය ප්‍රකශ කරේ ඔබේසේකරපුර හින්දු විද්‍යාලයේදීය.

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට බලා පිටත්ව යාමට සූදනමින් පසුවන බව වාර්තාවේ. මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම් ප්‍රදේශයට ගොස් ඇති අතර තව සුළු මොහොතකින් මත්තල ගුවන් තො‍ටුපොළට පැමිණිමට නියමිතය. එහිදී දහවල් 12.50 ට මාලදිවයින බලා පිටත්ව යැමට සූදානම් කර තිබෙන ගුවන්යානයෙන් ඔහු මාලදිවයින බලා පිටත්ව යන් බවත් දැන ගැනීමට තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us