ශිරාල් තම මන්ත්‍රීධූරය ටිරාන්ට පූජා කරයි

Published in පුවත්
Friday, 21 August 2015 13:36

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැස්තුවෙන් මෙවර පාර්ලිමේන්තු වරම් ලබා ගැනීමට නියමිත නිතීඥ ශිරාල් ලක්තිලක මහතා සිය මන්ත්‍රී ධූරය ප්‍රතික්ෂේප කරමින් එම අවස්ථාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ටිරාන් අලස් සමග කිසිම දේශපාලන ගණදෙනුවක් හෝ කිසිදු පුද්ගලික ගණදෙනුවක් නැති බවත් එමෙන්ම ඔහු ගොඨාභය රාජපක්ෂගේ සමීපතයෙකුම බවත් සදහන් කරමිනි.

එමෙන්ම කිලී මහරාජා විසින් ශ්‍රී රංගාට ජාතික ලැයිස‍්තු මන්ත්‍රී ධූරයක් ලබා දෙන්න කරන බල කිරීම ගැනීම පිලිබද ජනාධිපතිවරයා පවසා ඇත්තේද ඔහු සමගද කිසිදු ගණදෙනුවක් තමන්ට නැති බවය. එමෙන්ම ඔහු නාමල් රාජපක්ෂගේ සමීපතයෙකු බවද පවසා ඇත

මේ අතර කිලි මහරාජාගේ ගෝලයෙන් වන ජනාධිපති මාධ්‍ය අධක්ෂක ධර්ම ශ්‍රී ඒකනායක මහතාද ටිරාන් අලස්ට හා ශ්‍රී රංගාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට කරුණු කියන්නට ගොස් ජනාධිපතිවරයාගෙන් බැනුම් අසා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත් කිරීම වෙනුවෙන් විශාල වෙසෙක් දැරූ පාටලී චම්පික හා රාජිත සේනාරත්න ද ටිරාන් අලස්ට හා ශ්‍රී රංගාට මන්ත්‍රී ධූර ලබා නොදිය යුත් බවද ජනාධිපතිවරයාට අවදාරණය කර ඇත.


තමන්ගේ හොරකම් වලින් බේරිමට හා රාජ්‍ය වරප්‍රසාද තමන්ගේ ව්‍යාපාර කටයුතු සදහා යොදා ගැනීමේ උත්සහායකද ටිරාන් අලස් හා කිලී මහරාජා නියැලෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

 

සුනාමි මුදල් කොල්ලකෑ බවට චෝදනා ලැබූ ටිරාන්ට මන්ත්‍රීකමක් දෙන්නැයි ශිරාල් වලිකයි

ශිරාල් ලක්තිලකත් චම්පික සමඟ යයි. ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ඉල්ලලා මෛත්‍රී බෑ කියලා

රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්

 

Last modified on Friday, 21 August 2015 13:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us