එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ බලන මහ ලේකම් විශ්වා වර්ණපාල සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මෙම ලිපියට අත්සන් කර ඇති බව වාර්තා වේ.
ඉදිරියේදී තවත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ කිහිප දෙනෙක් සන්ධාන විධායක සභාවෙන් සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද වැඩිදුරටත් හෙළි වේ.