කැබිනට් මණ්ඩලය 50 ක් ඉක්මවන ලකුණු.

Published in පුවත්
Sunday, 23 August 2015 08:46

ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමාවන බව ට කළින් වාර්තා වූවද මේවන විට ලැබෙමින් පවතින ආරංචි අනුව එය 50 දෙනෙකුට වඩා වැඩි විය හැකිය. කැබිනට් ඇමති තනතුරු වෙනුවෙන් එජාපයෙන්ම 33න් දෙනෙකු දැඩි බලාපොරොත්තු තබාගෙන ඒ වෙනුවෙන් එජාප නායකත්වයට බල පෑම් සිදු කරන බව එජාප ආරංචි මාර්ග පවසයි. එමෙන්ම ශ්‍රී ලනීපයේද 20 දෙනෙකු පමණ කැබිනට් ඇමැති තනතුරු ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි. නියොජ්‍ය ඇමැතිකම් ප්‍රමාණයද 40 ක් පමණ වනු ඇති බවත් දැන ගැනීමට තිබේ.

මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියොජනය කළ ශ්‍රී ලනිප නොවන පක්ෂ නායකයන් දෙදෙනකුද නව ජාතික ආන්ඩුවට සම්බන්ධවීමට කැමැති බව දන්වා ඇති අතර එම පක්ෂ දෙකටද කැබිනට ඇමැති තනතුරු අවශ්‍ය බවට ඉල්ලීම් ඉදිරිපත් ඇත.

කෙසේ අමුත් ඇමැති මණ්ඩලය හෙට(24) නම් කිරීමට කලින් සූදානව සිටියත් එය තවදුරටත් කල් යනු ඇති බව පැවැසේ. ඇතැම් විට ඇමැති මණ්ඩලයේ කිහිප දෙනෙකු පමණක් එදින දිවුරුම් දෙනු ඇති බවත් වාර්තාවෙයි.

මෙවර ඇමැති මණ්ඩලයේ වෙන්ස කම් ‍රැසක්ද සිදුවීමට නියමිත බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මුදල් ඇමැති ධුරය ජනාධ්පතිවරයා යටතේම තබා ගැනීමටත්, විදෙශ අමාතය ධුරය මහින්ද සමරසිංහ මහතාට ලබා දීමේත් උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

Last modified on Sunday, 23 August 2015 08:46

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us