ඩොලරය පහළට

Published in පුවත්
Thursday, 19 February 2026 15:14

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.63ක් ලෙස සහ විකුණුම් මිල රු. 313.14ක් ලෙස පහළ ගොස් තිබේ.

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

පසුගිය දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට තද වැසි ඇදහැලෙන අතර අද (19) උදෑසන සිට මුහුදු ප්‍රදේශවල තද සුළං හමා යන බවද වාර්තාවේ.

අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල පූනොච්චිමුනෛ නාවලඩි, කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.

ධීවර කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත මුහුද ඉතා කැලඹිලි සහිතයි.

මේ නිසාවෙන් ධීවර කටයුතුවලට බාධා ඇතිව තිබේ.

අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් ළමා උද්‍යාන රැසක් ජලයෙන් යටවී ඇති අතර ක්‍රීඩා පිටි රැසක් ජලයෙන් යටවී ඇත.

තොරතුරු යාවත්කාලීන නොකිරීම හේතුවෙන් දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවලට අයත් 85,000 කට වැඩි පිරිසකට “අස්වැසුම’’ප්‍රතිලාභය අහිමිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.

නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Thursday, 19 February 2026 09:44

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.

2025 වසරේදී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසයි.

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ld add copy

Connet With Us