ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අත්සන් කළ ගිවිසුමක් බවතින බවට තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් 'ප්‍රශ්නගත ලේඛන පිළිබදව රජයේ පරීක්ෂකවරයාගේ වාර්තාව'(EQD) ඉදිරි සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනාව අද (26)සිට ලබා දීමට නියමිතය. පළමු අදියර යටතේ රෝගීන් දහසක් වෙනුවෙන් මෙම දීමනාව ලබා දෙන බව සමාජ සේවා හා සමාජ සුභ සාධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප‍්‍රකාශ කලේය. ඒ අනුව වකුගඩු රෝගයට මුහුණ පා සිටින රෝගියෙකු වෙනුවෙන් රුපියල් තුන් දහසක මාසික දීමනාවක් ලබා දෙනු ඇත.

නීති විරෝධි ලෙස ලග තබා ගෙන සිටින අලි පැටවුන් වන ජීවි දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පරිවාස කාලයක් ලබා දී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ලිංගික අපචාර චෝදනා මත ධුරයෙන් ඉවත්වීමට සිදුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රවුස් ඛාන්ට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙවමින් ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශකයෙකු ලෙස පත් කරගෙන සිට ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 27ක සේවය කරන තානාපතිවරුන් ඇතුළු තානාපති අංශ ප්‍රධානීන් 27 දෙනකු වහාම ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවය දැඩි ලෙස දේශපාලනීකරණය වීම නිසා ජාත්‍යන්තර අංශවල සහයෝගය මෙරටට නොලැබී යෑමේ හේතුව මත විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීමේ නව වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇතැයි රජය පවසයි.

පොරොන්දු වූ පරිදි වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශ යටතට පවරා ගන්නැයි පරිසර සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් සෙයිද් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා  අද (26දා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.

පළාත් සභා සඳහා වන ඉඩම්, පොලිස් ඇතුළු තවත් බලතල ක්‍රියාත්ම සක්‍රීය කරමින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දේශපාලන පක්‍ෂ අතර මෙතෙක්‌ එකඟතාවක්‌ ඇති කරගෙන නැති බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us