ඩලස්ලාගේ බහු බූත ලිට්මස් පරික්ෂාව

Published in පුවත්
Monday, 06 June 2016 16:35

ශ්‍රීලනිපය, එජාපයේ විරුද්ධ වචනය බවත් ඒ නිසා එජාපයට එරෙහි වීම ශ්‍රීලනිපයේ අනිවාර්ය කොන්දේසිය බවත් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම පවසයි.

මුදල් ඇමති රවී කරුණානායකට එරෙහිව මහින්දවාදීන් ඉදිරිපත් කර තිබෙන විශ්වාසබංග යෝජනාව සම්බන්ධයෙන් අලහප්පෙරුම මෙම නිවේදනය නිකුත් කර ඇත.

මුදල් ඇමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය කඩවී ඇතැයි නඟන චෝදනාව කුමක් වූවත් මුදල් ඇමැතිවරයා එජාප සාමාජිකයකු වීම පදනම් කරගෙන ශ්‍රීලනීපය විශ්වාසභංගයට කැමැත්ත පල කළ යුතු බව කීමේ තකතීරු න්‍යාය ගැලෙපෙන්නේ මේරට හැමදාම විනාශ කළ ප‍ටු පක්ෂ දේශපාලනයටය.

ඩලස් අලහප්පෙරුමලා වැනි වචන හරඹ වලින් සංදර්ශන පෙන්වන ළිංමැඩි දේශපාලකයන්ට තවම කල්පනා කරන්නේ මේ රටේ මිනිස්සු  කල්පනා කරන්නේ තමන්ගේ ළිං මැඩී චින්තනයට අනුවම බවය. ඩලස්ලාට පෙන්නේ තවමත් මහින්ද මහින්ද කියාගෙන වටේ කැ‍රැකෙන තකතීරුවන් පිරිස පමණය. අඩුම තරමින් තමන් විසින් කළ කිරුළපන මැයි ‍රැළිය අභිබවා ගාල්ලෙ මැයි ‍රැළියට ශ්‍රී ලනීප පාක්ෂියක් යෑම තුලවත් තමන්ට තවත් මේක තුළ කළ හැකි දෙයක් නැති බව නොතේරී තිබේ. ගාල්ලට ගිය ශ්‍රී ලනිප පාක්ෂිකයා ඉල්ලා සිටියේ එජාපය සමඟ වන සම්මුතික ආණ්ඩුව තවදුරත් පවත්වාගෙන යායුතු බවය. ඔවුන් කිසිවකුත් එජාප විරෝධීන් නොවීය. බහුතර ශ්‍රිලනීප පාක්ෂිකයා එසේ කල්පනාකරන විට ඩලස් අලහප්පෙරුමලාගේ ළිං මැඩි චින්තනයට තව තවත් ජාතිවාදි ආගම්වාදි ප‍ටු වර්ගවාදී කාලකන්නි දේශපාලනයක් ඕනෑ කර තිබේ..

තවදුරටත් ශ්‍රිලනිප පාක්ෂිකයාව ' ලිට්මස් ' පරික්ෂාවට ලක් කරන්නට තරම් දෙයක් ඉතුරුව නැත.. රට ඉල්ලන්නේ, රටේ යහපත මිස එක එක ළිං මැඩි යන්ගේ බඩ ගොස්තරය ‍රැක ගැනිම සඳහා වන තක්කඩි ව්‍යාපාර නොවේ. මහින්ද පජාතවී ඉතිහාසයේ කුණු කූඩයට දැන් වැටී තිබෙන්නේ යම් සේද ඩලස්ලාත්ටත් හිමි තැන එතැනය. කොටින්ම මේ අය විසින්ම එම කුණු කූඩයෙම තැනක් මේවන විටත් වෙන්කරගෙන තිබේ. මේ පුහු නිවේදනවලින් කියැවැන්නේ ඒ බවය.

- මහසෝනා

Last modified on Monday, 06 June 2016 16:40

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us