අවි ගබඩාවේ ගින්න විය හැකිව තිබූ දෙයක්

Published in පුවත්
Sunday, 05 June 2016 22:34

අවිස්සාවේල්ල,‍ කොස්ගම, සාලාව හමුදා කඳවුරේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් මෙහි පාතොරොම් අවි හා බොම්බ ගබඩා කිරීමේදී නිසි ප්‍රමිතියට අනුව සිදු කර නොමැති බව හෙළිව තිබේ. පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීමදී අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමවේදයන් ගෙන් තොරව දශක දෙකකට ආසන්න කාලයක් මුලුල්ලෙ මේ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත.

එමෙන්ම මෙම ස්ථානයේ මෙම ගබඩාව ඉදිකිරීම සම්බන්ධයෙන් වන අවදානම් තත්වය මේ පිහිටවූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ යුගයේදි ඇතැම් විද්වතකු පෙනවා දෙනු ලැබූ නමුදු ඒ නොතකා හැර තිබේ.

ජනාකීර්ණ ප්‍රදේශයක මේ පිහි‍ටු වීම මුලිකම වරදය. පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමේදී බංකර් හෝ ඒ හා සමාන ලෙස සියලු දිසාවෙන්ම දැඩි ගනකම් කොන්ක්‍රීට් , පස් හෝ වැලි කණ්ඩි වලින් අනාවරණය වූ ස්ථානයක මේවා ගබඩා කළ යුතු නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ වගකීමක් දැරිය නොහැකි ගොඩනැගිල්ක මේ ගබඩාව පවත්වාගෙන ගොස තිබේ. මේ හේතුව නිසා ගින්නෙන් පසුව වන පිපිරීම් නිසා කිලෝමීටර 6ක පමණ ප්‍රදේශයක් දක්වා අනාරක්ෂිත විය.

එසේම මෙහි තිබූ පතොරොම් හා බොම්බ වර්ග වසර විස්සකටත් පෙර නිශ්පාදිත හා මේ වන විට කල් ඉකුත් වෙමින් තිබූ එවා බවද පැවසේ. යුද සමයේදී අඩුමිල ගනන් යටතේ මේවා ලාබා ගෙන තිබේ. පසුගිය යුධ සමයේදී පවා මේ ගබඩා පවත්වාගෙන ගියේ මේ අනාරක්ෂිත තත්වයන් යටතේය.

මේ අතර මෙම ගින්න සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසන්නේ ඉදිරියේදී සිදුවීමට නියාමිත නව හාමුදාපතිවරයා පත් කිරීමේ දැඩි තරගකාරිත්වය හා සම්බන්ධ කුමන්ත්‍රණකාරි ක්‍රියාවක් විය හැකි බවය. මන්ද මේ ගබඩාව සම්බන්ධයෙන් වගකීම් උසුලන මේජර් ජනරාල් වරයකු මීළඟ හමුදාපති තේරීමේ සටනේ ඉදිරියෙන්ම සිටින්නකු වීමය.

Last modified on Sunday, 05 June 2016 22:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us