සාලාවේ ගින්න : CIDය, හමුදාවේ දුර්වලකම් සොයාගනී

Published in පුවත්
Monday, 06 June 2016 22:17

අවිස්සාවේල්ල කොස්ගම පිහිටි යුධ හමුදා උප වෙඩි උණ්ඩ ගබඩාව (sub Ammunition dump) ගිනිගෙන පුපුරායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය, හමුදාවේ වෙඩි උණ්ඩ ගබඩා පරිපාලනයට යොදවා ඇත්තේ ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇත.

උණ්ඩ ගබඩාවල රාජකාරි සඳහා අනුයුක්ත කරන හමුදා නිලධාරින් 'වෙඩි ද්‍රව්‍ය කාර්මික නිලධාරි (ATO -Ammunition Technical Officer) පාඨමාලාව අනිවාර්යයෙන්ම හදාරා තිබිය යුතුය. ඊට අදාළ පාඨමාලා සඳහා සැම වර්ෂයකදීම හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඉන්දියාවට හා පකිස්ථානයට යවයි.

එසේම, උණ්ඩ ගබඩා වල සේවය සඳහා යොදවන සාමාන්‍ය සෙබළුන් අනිවාර්යයෙන්ම (AT -Ammunition Technician) පාඨමාලාව හදාරා තිබිය යුතුය. ඊට අදාල පුහුණුව සඳහා සෑම වසරකම හමුදා සෙබළුන් පිරිසක් ඉන්දියාව වෙත යවයි.

රහස් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති පරිදි, යුධ හමුදාව සතු වේයන්ගොඩ මධ්‍යම අවි හා උණ්ඩ ගබඩාවේ (Central Arms and Ammunition dump) සහ වේයන්ගොඩ, වැලිසර හා කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාව ද එවැනි පුහුණුවක් ලද නිලධාරින් යොදවා නොමැත.

එසේ විදෙස් පුහුණුව ලද නිලධාරීන් වෙනත් රාජකාරිවල යොදවා ඇතිබව අනාවරණය වේ.

දඬුවම් මාරුවක් :

ඊයේ ගින්නට හසුවූ කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාවේ පරිපාලන කටයුතු බාරව සිටි මේජර් ජනරාල් කෙනෙත් එඩ්මා (Major General Kenneth Edema USP) වෙඩි ද්‍රව්‍ය කාර්මික ඉංජිනේරුවකු නොවේ. ඔහු හමුදාවට වාහන, ඉන්දන හා කෑමබීම සැපයුම් බාර නිලධාරියෙකි.

එසේම, කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාව බාරව සිටි මේජර් රොෂාන් පෙරේරාට පසුගියදා දියතලවට දඬුවම් ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර, ඒ වෙනුවට අනුයුක්ත කර සිට ඇත්තේ විදිමත් විශේෂඥ පුහුණුවක් නොමැති ලුතිනන් වරයෙකි.

ටොන් 9000ක පතොරම් :

අවිස්සාවේල්ල කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාව (sub Ammunition dump) ගිනිගෙන පුපුරායාමේදී ටොන් 9000ක පමණ පතොරම් තොගයක් විනාශවී ඇතැයි ද එහි පතරොම් ගබඩා කර තිබු ආකාරය කිසිඳු ලෙසකින් සැහීමකට පත්විය නොහැකි බව ද නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එමගින් පමණක් සිදුව ඇති අලාභය රුපියල් බිලියන10කට ආසන්න බවද පැවසේ.

කොස්ගම යුධ හමුදා උණ්ඩ ගබඩාව ස්ථාපිතකර ඇත්තේ 90 දසකයේ මුල් භාගයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාලන සමයේදීය. ජනාකීර්ණ එම ප්‍රදේශයේ මෙවැනි උණ්ඩ ගබඩාවක් ස්ථාපිත නොකරන ලෙස ප්‍රදේශවාසින් එකල උද්ඝෝෂණ කර ඇත.

යුද්ධය පැවති සමයේ කොස්ගම යුධ හමුදා උණ්ඩ ගබඩාවේ ටොන් 20,000කට වැඩි උණ්ඩ ප්‍රමාණයක් රඳවා තිබු අතර, යුද්දය නිමවීමෙන් අනතුරුව ටොන් 10,000ක් පමණ වේයන්ගොඩ යුධ හමුදා උප උණ්ඩ ගබඩාවට ගෙන ගොස් ඇත. එය ස්ථාපත කර ඇත්තේ වේයන්ගොඩ වේටෙක්ස් ආයතනය තිබු භුමිය තුලය.

-  sri lanka mirror

Last modified on Monday, 06 June 2016 22:19

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us