19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා කතානායක චමල් රාජපක්ෂ මහතා අද (15) අත්සන් කර තිබේ.

මෑතකදී විවෘත කරන ලද පින්නවල නව සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් අැති කිරීමට සදහා කැබිනට් අනුමැතිය හිමිව අැත.

නව මැතිවරණ ක්‍රමයට සුළු පක්‍ෂවලද එකගතාව හිමි වී අැත. නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ කැබිනට් අනුකාරක සභාව සහ සුළු පක්‍ෂ නියෝජිතයන් අතර ඊයේ (14)රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකගතාව පළවී අැත.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අධිකරණයට දැනුම්දී තිබේ.

හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝගය පිළිබදව ප්‍රශ්නයක් අැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ අද (15) අරලියගහ මන්දිරයේ පැවති බෞද්ධ හා හින්දු අාගමික නායකයින්ගේ හමුවට එක්වෙමිනි.

රජය ඉදිරියේදී සෞදියේ  සේවය කරන ශ්‍රමිකයන්  සඳහා අවම වැටුපක් නිර්දේශ කිරීම පිළිබඳ එරට  බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 234ක පාලනය අද සිට විශේෂ නිලධාරියකු යටතේ සිදුකිරීමට නියමිතය. ආණ්ඩුවේ මෙම තීරණයට විරෝධය පළ කරමින් අද(15) දින සියලූ පළාත් පාලන ආයතනවල කළු කොඩි ඔසවා සිය විරෝධතාව පළ කරන බව වාර්තාවේ.

ලංවිමට වාසියක්‌

Published in පුවත්
Friday, 15 May 2015 10:12

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික තාප විදුලි බලාගාර තුනක ගිවිසුම් දීර්ඝ නොකර මේ වසර ඇතුළතදී වසා දැමීමට තීරණයක් ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ld add copy

Connet With Us