මහ බැංකු අධිපතිවරයා පත් කිරීම විධායක ජනාධිපතිවරයකුට හිතු මතේ කළ නොහැක. එය මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මත විය යුතුය. ශ්‍රි ලංකාවේ මුදල් පනත අනුව නීතියය එයය. එහෙත් ජනාධිපතිවරයාට ලනු ගිල්ලවූ කිලී මහරාජා හෝ නීතින්න ශිරාල් ලක්තිලක වැන්නවුන් පවා මේ බව දැන ගෙන නොසිටියෙය. ඒ ජනාධිපතිවරයාට පෙන්වා දි ඇත්තේද අගමැතිවරයා විසින්ය. නන්දලාගේ පත් කිරීම අකුලාගෙන් ජනාධිපතිට පසු බසින්න වූයේ ඒ අනුවය.
එසේම මෙහිදී රටේ පිලිගත් රජයේ ධූරාවලි සම්ප්‍රධායද උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවටද චෝදනාවක් එල්ල වී තිබේ. ඒ මහ බැංකුව වෙත පිවිසීමට කලින් එම විෂය භාර ඇමැතිවරයාව දැනුම්වත් කර පැමිණිය යුතු වීමය. ඒ විධායක ජනධිපතිවරයා වුව අනුගමනය කළ යුතුය. එමෙන්ම ජනාධිපතිවරයා මහ බැංකුව වෙතා පිවිසෙන අවස්ථාවේදීත් අගමැතිවරයා එම මහ බැංකු ගොඩනැගිල්ලේ 9 වන මහලේ සිය අමාතයංශ කාර්යාලයේ කටයුතු කරමින් සිටිම නිසා ජනාධිපතිවරයාගේ ක්‍රියාව තව දුරටත් ගමේ චණ්ඩි ගමරාළ කෙනෙකුගේ ක්‍රියාවකට නොදෙවෙනි නැත. මෙය ' ධූරාවලි සාහසිකත්වය' ලෙස හඳුන්වනු ලබයි.
මේ අනුව ජනාධිපතිවරයා රටේ වෙන්නෙ මොනවද යන්න දන්නෙ නැත. පත්තරේ නොතිබුණොත් ජනාධිපති කිසි දෙයක් දන්නෙ නැත. දැන් නීතිය දන්නෙත් නැත රීතිය දන්නෙත් නැත. සම්ප්‍රදාය දන්නෙත් නැත.
ලෝකයක් පිලිගත්තු නායකයකු වන ජනාධිපතිවරයව මේ පහත් විසුළුකාරී තත්වයට ඇද දැමීමේ වගකීම ඔහු වටා සිටින් තක්කඩියන් විසින් බාර ගත යුතුය.