කෙසේ නමුත් උණ්ඩ ගබඩ කිරීමේදී පස් කඳු ආවරනයක් සැකසීම විය යුතු නමුත් භූගත දැඩි කොන්ක්‍රීට් ගබඩා පවත්වාගෙන යෑම ජාත්‍යන්තරව පිලිගත් වඩා ආරක්ෂාකාරි පියවර වේ. පස් කඳු මඟින් අපෙක්ෂා කළ හැක්කේ අනාරක්ෂිත බව සියයට පනහකින් පමණ අඩු වීමකි. එසේම මෙම කඳවුරේ ගබඩා වේයන්ගොඩ හා වැලිසර ගබඩාවල පවතින උණ්ඩ සියල්ල තැන්පත් කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවද දැන ගැනීමට ඇත.
අඹේපුස්ස කඳවුර ජනාකීර්ණ නාගරික ප්‍රදෙශයක නොපිහිටියත් එම කදවුර වටාද විශාල නිවාස සංඛ්‍යවක් පිහිටා ඇත. කොස්ගම සාලව කඳවුරේ පිපිරීම නිසා ඇතිවු විනාශය සලකා බැලීමේදී අඹෙපුස්ස ජනතාවද අනාරක්ෂිත බව පැහැදිලිය.
සලාව කඳවුරෙ පිපිරීමට හෙතුව තව දුරටත් අභිරහසක්ව පවතින බව යුධ හමුදා අරංචි මාර්ග පෙන්වා දෙයි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුදා බුද්ධි අංශය, යුධ හමුදා පොලීසිය හා යුධ හමුදා පතිවරයා විසින් පත් කළ මූලික පරීක්ෂණ උසාවිය මඟින් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ හතරක් සිදුවන නමුත් මෙම පිපිරීමට හෙතුව මේවන විටත් නිගමනය කර නොමැත.
එහෙත් මේවන විට අනාවරණය වී ඇති කරුණු අනුව වසර විස්සකටත් වඩා පැරැණි උණ්ඩ ගබඩා කර තබා ගැනිම අවධානම්කාරී බව මෙම පරීක්ෂණ කණ්ඩායම් හී නිරීක්ෂණයට හසු වී ඇත. එම උණ්ඩ වෙනත් රටකට විකුනා දැමීම හෝ විනාශ කිරීම හෝ සිදු කළ යුතුව තිබුණද පසුගිය කාලයෙහි ඒ සම්බන්ධයෙන් පියවරයන් ගෙන නොමැත. එමෙන්ම එල්ටීටීඊ සංවිධානයෙන් අල්ලා ගත් උණ්ඩ විශාල ප්‍රමාණයක්ද මේ ගබඩාව තුල තිබී ඇත. එම උණ්ඩවල තත්වය ගැන කිසිදු නිරීක්ෂණයද තිබී නොමැත. මේවන විටත් වේයන්ගොඩ ගබඩාවේ වසර 20 කට වඩා පැරණි උණ්ඩ තොගයක් පවතී.
කෙසේ නමුත් මෙම උණ්ඩ ගබඩාව නොසැලකිලිමත් කම නිසා හෝ පුපුරා ගියද ඒ සැලකෙන්නේ බරපතල අපරධයක් සිදු කළාය යන නෛතික චෝදනාවටය.ඒ අනුව වගකිව යුත්තන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ඉදිරියේදී ගැනීමට සිදුවනු ඇත.
..................