ලසන්ත ඝාතනයේ තවත් ප්‍රබලයෙක් ළඟදි අත්අඩංගුවට, උපාලිට ගැහුවෙත් ලසන්තගේ ඝාතකයාමයි

Published in පුවත්
Saturday, 02 July 2016 09:23

ජේෂ්ඨ මාධ්‍යවේදි සන්ඩෙ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රබල සැකරුවකු ඉදිරි සතියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ. මෙම සැකකරුවාද යුධ හමුද බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ පුද්ගලයකු වන අතර මෙම ඝාතනය සඳහා නියෝග දුන් අය හා ඔහු සම්බන්ධතා පවත්වා ඇති බවට සැක කෙරේ.

මේ වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශයේ කණ්ඩායම් තුනක්වත් වෙන වෙනම යොදවා ඇති බව අනාවරණය වී ඇති අතර එම තොරතුරු පසුගිය සතියේදී ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා හමුවේ අපාරාධ පරීක්ෂණ දෙපාර්තාමෙන්තුව කරුණු දක්වා තිබිණි. මෙම ඝාතනයේ මෙහෙයුම් කරුවා මේජර් අන්සාර් නැමැත්තෙකු බව හඳුනාගෙන් ඇතත් අණ දුන් අය මෙතෙක් අනාවරණය වී නැත.‍

දිවයින හා රිවිර පුවත් පත් හි ප්‍රධාන කතෘවරයාව සිටි උපාලි තෙන්නකොන් මහතාට පහර දී තුවාල සිදුකර ඇත්තේද ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීමේ මෙහෙයුම්කරුවා වූ යුධ හමුදා බුද්ධි අංශ මේජර් වරයාම බව මේ වන විට අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සමත් වී ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

උපාලි තෙන්නකෝන් මහතා හා ද නේෂන් පුවත් පතෙ හිටපු ජෙෂ්ඨ මාධ්‍යෙව්දී කීත් නොයර් මහතාට පහර දුන් කණ්ඩායම ලසන්ත ඝාතනයේ සැකකරුවන් බව මීට පෙර අනාවරණය වී තිබූ නමුත් නිශ්චිත පුද්ගලයන් කවුරුන්ද යන්න අනාවරණය වී නොතිබිණි. එමෙන්ම මෙම සිදුවීම ත්‍රිත්වය සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සෙකා මහතාගේ එවකට සිටි ආරක්ෂකයන්ගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තාවේ. කීත් නොයාර් මහතාට සෘජුවම පහර දුන්නෙ සරත් ෆොන්සේකා විසින් බවට එවකට ඇතැම් මාධ්‍ය වර්තාවන් හෙළිකර තිබිණි. කීත් නොයාර් මහතා ජිවිතාරක්ෂාව පත එවකට විදේශ ගත වු අතර අදත් විදේශ ගතව ජීවත් වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us