ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන වලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පවසයි.

දුම්වැටි දවටනවල රූපමය අවවාද දැන්වීම් සියයට අසූව දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර අැත.

ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (28) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.

දැනට නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට පිලේ ප්‍රවීණ පිතිකරු කුමාර් සංගක්කාර විසින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකාර කාල්ටන් බර්නාඩ් මහතා වෙත විද්‍යුත් තැපෑලක් මගින් යවන ලද ලිපියකින් ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු විවේනයකට ලක් කර ඇතැයි 'ක්‍රිකින්ෆෝ' වෙබ් අඩවිය සඳහන් කරයි.

ලංගම හා පුද්ගලික බස් ගාස්තු අඩුවීමට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තුද මෙම 31 වැනිදා සිට සියයට 10 කින් අඩුකරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය මේ පිළිබඳව ඇමතිවරයා ත්‍රිරෝදරථ රියැදුරු සුබසාධන සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ඇතුළු ත්‍රිරෝදරථ සංගම් නියෝජිතයන් සමඟ පෙරේදා ( 27 ) සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී මෙම ගාස්තු අඩුකිරීමට එම සංගම් එකඟත්වය පළ කර තිබේ. රටපුරා ත්‍රිරෝද රථ ලක්ෂ 9 ක් පමණ තිබෙන අතර එයින් ලක්ෂ 6 ක් පමණ කුලී ත්‍රිරෝද රථ වෙයි.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත් කළ ආකාරය බලශුන්‍ය යැයි කියන්නේ නම් වසර දෙකක කාලයක් පුරා ඔහු දුන් නඩු තීන්දු ද බල රහිත වන්නේ යැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අය-වැය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත හෙළනු ඇතැයි වාර්තාවේ.

විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්.එම්. සුහයිර් මහතා පත්කොට තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us