නව මහ බැංකු අධිපතිට මහින්දවාදින්ගෙනුත් සුභ පැතුම්

Published in පුවත්
Saturday, 02 July 2016 17:26

නව මහ බැංකු අධිපතිව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට මහින්දවාදී විපක්ෂයේ නියෝජනය කරන මහජන එකසත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනද මහතා ද සුභ පැතුම් එක්කර ඇත.

ඔහු පළපුරුදු වෘත්තියවේදියකු බවත් එම ක්ෂෙත්‍රය තුල ගරු කටයුතු පුද්ගලයකු බවත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව කියා සිටියේ ට්වීටර් පණිවිඩයක් මඟිනි.

කුමාරස්වාමී මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර දිනේෂ් ගුණවර්ධන මහතාද රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. එමෙන්ම මහ බැංකු අධිපතිධුරය සඳහා කුමාරස්වාමී මහතාව යෝජනා කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව මහ බැංකු අධිපතිධුරය සඳහා යොජනා කිරීමට පෙර කුමාරස්වාමී මහතාව එම තනතුරට අගමැතිවරයා විසින් යෝජන කර තිබුණු බවත් වාර්තාවී ඇත. එහෙත් එම මොහොතේ ඔහු ඊට කැමැති නොවුයේය.

කෙසේ නමුත් කුමාරස්වාමී මහත අගමැති රනිල් වික්‍රමසිංහ මහතගේ ආර්ථික සිහිනය යථාර්තයක් කිරීමට හැකි පුද්ගලයකු ලෙස මේ වන විටත් විවිධ දේශපාලන විචාරකයන් මත පල කරමින් තිබේ.

කෙසේ නමුත් අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව වන චෝදනා කිසිවක් සනාත නොවීමත් කුමරස්වාමී මහතාගේ පත්වීමත් අගමැතිවරයා කුමන්ත්‍රණ පරදා දේශපාලනික වශයෙන් ඉදිරි පිම්මක් පැන ගැනීමට මෙම සිදුවීමත් සමඟ සමත් වී ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවිධ පුද්ගලයන්ට කැමැති කැමැති ආකාරයෙන් මෙහෙය විය හැකි හා දැඩි මතධාරියකු වන අගමැතිවරයා ඉදිරියේදි නම්‍යශීලී වන පුද්ගලයකු ලෙස මෙම මහ බැංකු සිද්ධිය හමුවේ තහවුරුව ඇති බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Last modified on Saturday, 02 July 2016 17:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us