ඉන්ධන මිල පහත වැටීම ඇතුළු රජය ලබාදුන් සහනදායි තත්වයන් මත තී‍්‍රරෝද රථ ගාස්තු පහත දැමීම පිළිබඳ යෝජනා සිහිනයක් පමණක් වනු ඇති බව සමස්ත ලංකා ති‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති වීමේ සිහිනයක සිටියද මේවන විට ඒ අත් හැර දමා ඇති බව වාර්තාවේ.

ඌව පළාත් නව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ආණ්ඩුකාර කාර්යාලයේදී අද (30)වැඩ ආරම්භ කළේය.

බෞද්ධයන් විසින් ඉමහත් භක්තියෙන් දළදා මාලිගයට පිදූ රත්‍රන් යොදාගෙන නිලංග දෑලබණ්ඩාර මහතාගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයේ අගුලු, බැනර් ආදිය අලංකාර කර තිබෙන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමුහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ලලිත් ද සිල්වා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රිය කටයුතු කළ අතර, ඒ සඳහා ටෙලිකොම් ආයතනයේ සම්පත් ද විශාල වශයෙන් යොදාගෙන තිබු බව වාර්තා විය.

ශ‍්‍රී ලංකාවේ ළමා කි‍්‍රයාකාරකම් පිළිබඳ ජාතික සංගනණයක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී අැත.

ග‍්‍රෑම් 450 කින් යුතු පාන් ගෙඩියක මිල රුපියල් හයකින් පහත දැමීමේ තීරණය හෙට සිට කි‍්‍රයාත්මක කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගු පිටි මිල සහ ඉන්ධන මිල ගණන් පහත දැමීමේ තීරණය සැලකිල්ලට ගනිමින් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද පහත දමන බව එම සංගමය පැවසුවේය.

පසුගිය ආණ්ඩුව සමයේ සිදු කර තිබෙන දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සහ ඊට අදාල සත්‍ය තොරතුරු යට ගැසීමේ තත්වයක් පොලීසි තුලින්ම මතුව ඇතැයි අනාවරණයවේ. මෙතෙක් හෙලිදරවූ දූෂණ හා වංචා සම්බන්දයෙන් දැනටමත් මෙම තත්වය පැණනැගී ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us