පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Published in පුවත්
Wednesday, 13 July 2016 10:22

ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් ඊයේ (12) සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

මෙම විනාශකාරී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පියසේන ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් දෙල්ලව නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වෙමින් පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්ලව රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සාහ කිරීමේදී මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලකොට ඇත.

මෙරට පරිසරය හා ස්වභාවික සම්පත් සංරක්ෂණය කරන බවට පොරොන්දුවී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් පරිසර ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට ඉතා නිවට හා නිර්ලජ්ජිත ආකාරයෙන් උත්සාහ කිරීම කිසිඳු ලෙසකත් අනුමත කල නොහැක. මින් පෙර ද මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් පරිසරවේදීන් මර්ධනය කිරීම සඳහා කටයුතු කල අතර ඊයේ පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට එල්ලවූ ප්‍රහාරය එහි දිගුවක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් මෙම සමස්ථ පරිසර ක්‍රියාකාරීන් දඩයම අප සංවිධානය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

පසුගිය පාලනය පෙරලා වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මෙරට පරිසර ක්‍රියාකාරීන් ද ප්‍රභල මෙහෙයක් සිදුකළ අතර එහි අරමුණ වූයේ මෙරට ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමට හා පරිසර දුෂණ තත්වයන් වැලක්වීමට පාලකයන් යොමුකර ගැනීම බවද ආණ්ඩුවට සිහිපත් කිරීමට කැමැත්තෙමු. නමුත් එවැනි පසුබිමක් තුල වර්තමාන යහපාලන ආණ්ඩුව ද පුරුදු දුර්දාන්ත ගමන් මගේම යමින් මෙරට පරිසරය වනසමින් සිටීම හා පරිසර ක්‍රියාකාරීන් දඩයම් කිරීම ඉතා බියගුළු ක්‍රියාවක් බවද වැඩි දුරටත් අවධාරණය කරනු කැමැත්තෙමු.


සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති
ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය
අංක 50/1, පරණකන්ද
එඬේරමුල්ල
වත්තල

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us