පියසේනගේ මැරයෝ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහර දෙති.

Published in පුවත්
Tuesday, 12 July 2016 11:39

පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පියසේන ගමගේ ගේ මැරයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.

ඒ අද(12) ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් පියසේන ගමගේ ගේ මෙහෙයවීමෙන් දෙල්ලව නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගීවී සිටියදීය.

එහිදී පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්ලව රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සහ කිරීමේදී පියසේන ගමගේ ගේ මැරයන් ඊට විරෝධය පළකර මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලකොට ඇත.

අප වෙත වාර්තා වූ අන්දමට එම අවස්ථාවේ පජාත පියසේන ගමගේ  එම ස්ථානයේ සිට නැති නමුත් ඔහුගේ උසිගැන්වීම මත මෙම ඉඳුල් කන මැර පිරිස මාධ්‍යවේදීයාට ප්‍රහාරය එල්ලකොට ඇත. තවමත් අප මාධ්‍ය සගයා එම ස්ථානයේ සිටින අතර මැරයින්ද එම ස්ථානයේ සිටිමින් ගම වාසීන් ඇතුළු ආඳා දොළ විදුලිබලාගාර ව්‍යාපෘතියට විරෝධය පළකළ පිරිස් වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න ....

ඉහත ඡායාරුපයේ  දැක්වෙන්නේ දයා නෙත්තසිංහ මහත ආ‍ඳොල විනාශය පරික්ෂාකිරීමට ගිය අවස්ථාවකි

සැබැඳි පුවත්

පියසේන ගමගේ ජනාධිපතිව මෝඩයාට අන්දවන හැටි (

ආඳාදොල ධම්මිකට දෙනකම් පියසේනට නින්දයන් නෑලු. සිරිසේනටත් වගේ වගක් නැතිලු 

ධම්මික පෙරේරාට පියසේන ගමගේත් යටත් වෙයි 

 

Last modified on Wednesday, 13 July 2016 00:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us