හමුදාවේ සලාක හොරෙකුට ශිෂ්‍ය බට බලකාය බාර දීලා

Published in පුවත්
Tuesday, 12 July 2016 11:08

යුධ හමුදාවේ කෝටි ගණනක සලාක මුදල් වංචාවක් සම්බන්ධව චෝදනා ලබා සිටින යුධ හමුදා සේවා බලකායේ සිටි මේජර් ජනරාල් අජිත් වික්‍රමසිංහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ තනතුරට පත්කර ඇතැයි වාර්තා වේ.

ජාතික ශිෂ්‍යභට බලකාය පාලනය වෙනුවෙන් අධ්‍යක්ෂවරයා පත්කරණු ලබන්නේ 1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා හා පරිපුර්වක හමුදා පනතේ 38 ජේදයට අනුව ජනාධිපතිවරයාගේ නියමයෙන්ය. ඒ අනුව මෙම පත්වීම ආරක්ෂක ලේකම්වරයා විසින් 2016.07.08 වන දා නිකුත් කළ ලිපියක් හරහා සිදුකොට ඇත.

අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව මේජර් ජනරාල් අජිත් වික්‍රමසිංහ යුධ හමුදා සේවා බලකා සේවයේ නියුතු සමයේ සලාක මුදල් වංචාව සඳහා හවුල් බවට අනාවරණය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල පරීක්ෂණයකදීය. ඒ යුධ හමුදාවේ රුපියල් කෝටි ගණනක සලාක වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් සහ දුෂණ කොමිසමට සිදුකල පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදීය. අදාළ මේජර් ජනරාල්වරයා රුපියල් කෝටි ගණනක රජයේ මුදල් යුධ හමුදාවට සලාක සපයන කොන්ත්‍රාත්කරුවන් අතට පත්වීම වෙනුවෙන් වගකිව යුතු බව තහවුරු කරගෙන ඇත.

එසේම සාමාන්‍යයෙන් ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ තනතුර සඳහා පත්කරනු ලබන්නේ ශිෂ්‍යභට පුහුණුව ලැබූ සහ අවම වශයෙන් පාසල් සමයේදී සැරයන් තනතුරක් වත් ලැබූ නිලධාරියෙකුය. ඒ ශිෂ්‍යභටයකු ලෙස ලබා ඇති පළපුරුද්ද සහ ඒ ආශ්‍රිත අත්දැකීම් ඇති අයෙකු එහි අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම හරහා උසස්, ඵලදායී සේවාවක් ලබාගැනීමට හැකිවේ යන අපේක්ෂාව නිසාය. එහෙත් මේජර් ජනරාල් අජිත් වික්‍රමසිංහට එම සුදුසුකම වත් නොමැති බවද පැවසේ.

අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් කිසිඳු සොයා බැලීමකින් තොරව සිදුකර ඇති බව තහවුරු වේ. දැඩි විනයකින් යුතුව පාලනය වන හමුදාව තුළ සහ එහි අනාගත නිලධාරීන් තනන ශිෂ්‍යභට බලකාය වැන්නකට මෙවන්නෙකු පත්කිරීම දෝෂ සහිත බවද අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. මේ වන විටත් ඒ බව හැරුණු සහිතව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වරයා ඇතුළු වගකිවයුතු පාර්ශව වෙත දැනුම් දී ඇති අතර තවමත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැත.

යුධ හමුදා සේවයේදී සෑය ගිල පැමිණි මෙවැනි දුෂිත නිලධාරියෙකුට අග්ගලා ගෙඩිය දීමක් වැනි මේ පත්වීම හරහා වසර 135ක සාඩම්බර අතීතයක් හිමි ජාතික ශියභාට බලකාය මුළුමනින්ම දුෂිත වූ තැනක් බවට පත්වීමේ අවධානමක් මතුව ඇති අතර ඒ වෙනුවෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීම වගකිවයුතු පාර්ශව වල වගකීම වෙයි. සුපුරුදු ලෙස අශ්වයා ගියායින් පසුව ඉස්තාලය වසා තේරුමක් නැත. යුධ හමුදාව වැනි දැඩි විනයක් මත පාලනය විය යුතු කොටසකට සාමාන්‍ය සිවිල් කටයුතකට වඩා සිය ගුණයක් අදාළ වන බවද වගකිව යුත්තන් සිහිතබා ගත යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us