ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රි ලංකාවෙන් ප්‍රථම වරට වෛද්‍යවරු දෙදෙනෙක් සහභාගී වේ

Published in පුවත්
Tuesday, 12 July 2016 07:19

බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේදී ලබන අගෝස්තු මස 5 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ නිල ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරණය සදහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගෙන තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරණය කිරිමට ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් දෙදෙනෙක් සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඔලිමිපික් උළෙලේ ක්‍රිඩා වෛද්‍ය කටයුතු ආවරණය කිරිමට ලෝකයේ විවිධ රටවලින් ක්‍රිඩා වෛද්‍යවරුන් එකසිය පනස් දෙනෙකු තෝරා ගෙන ඇති අතර එම කණ්ඩායමට ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් දෙදෙ‍නාද අයත් වෙති. අන්තර් ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවෙන්
ක්‍රිඩා වෛද්‍ය පශ්චාත් උපාධිය ලබා තිබිම මෙම තෝරා ගැනීමට ප්‍රධාන හේතුවවි තිබේ. අන්තර් ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවේ ක්‍රීඩා වෛද්‍ය පශ්චාත් උපාධිය ලබා ගත් ශ්‍රි ලංකාවේ මෙන්ම ලෝකයේ ප්‍රථම වෛද්‍යවරයාවන්නේද වෛද්‍ය හිමාන් ද සිල්වාය.

එම උපාධිය හිමිවීමෙන් පසුව 'ඔලිම්පික් ක්‍රිඩා වෛද්‍ය' නිල නාමය භාවිතා කිරිමටද හිමාන් ද සිල්වාට ඔලිම්පික් වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇත. ක්‍රිඩා වෛද්‍ය සංඛ තෙබුවනආරච්චිමහතාද එම පශ්චාත් උපාධිය ලබාගත් 'ඔලිම්පික් ක්‍රිඩා වෛද්‍ය' වෛද්‍යවරයෙකි.
වෛද්‍ය හිමාන් ද සිල්වා ඔලිම්පික් ගම්මනයේ-Rio Olympic Valderome Stadium හි සහ
වෛද්‍ය සංඛ තෙබුවනආරච්චිමහතා- Rio Olympic Pavilion 2 හි ක්‍රීඩා වෛද්‍ය ආවරන සදහා ප්‍රධාන සහ නිල ක්‍රීඩා වෛද්‍යවරුන් (Incharge Field of Play Sports Physician) යොදා ගැනීමට අන්තර් ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවෙන් තෝරා ඇත

මෙම වෛද්‍යවරුන් දෙදෙනා ඔලිම්පික් ක්‍රිඩා උළෙල ආවරනය කිරිමෙන් ලබා ගන්නා අත්දැකිම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය සංවර්ධන කමිටුව හරහා මෙරට ක්‍රිඩා වෛද්‍ය කෙෂ්ත්‍රෙයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න සැලසුම් කර ඇතැයි වාර්තාවෙ. සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා වෛද්‍යවරුන් දෙදෙනාගේ විදේශ ගමන වෙනුවෙන් අදාල නිල කටයුතු සදහා පූර්ණදායකත්වය ලබා දී ඇතැයි වාර්තාවේ.

මේ අතර ඔලිම්පික් උළෙලට සහභාගීවිම සදහා වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා මේ මස 26 වැනි දින බ්‍රසීලය බලා පිටත්ව යෑමට නියමිතය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us