දුල්මා ගයන්තවත් අන්දලා

Published in Gossip
Wednesday, 06 July 2016 11:40

පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයන්හි ප‍්‍රගති සමාලෝචන රැස්වීම අතර තුරදී ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් පවත්වාගෙන යන lankapuwath.lk වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මක බවට ව්‍යාජ වෙබ් පි‍ටුවක් පෙන්වා ඇමැතිවරයාව සහ ජනමාධ්‍ය අමාත්‍යංශය හා සම්බන්ධ අනෙකුත් ආයතන ප්‍රධානින්ව ගොනාට අන්දවා ඇති බව වාර්තාවේ. මේවන තුරුත් එම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ නැත. පසුගිය වසර තුල දෙවරක්ම මේ වෙබ් අඩවිය නවීකරණය කිරීම කිරීම සිදුකෙරුණද ඒ ක්‍රියාත්මක වුයේ නැත. මේ වෙනුවෙන් විශාල මුදලක්ද මේවන විට වැයකර තිබේ.


මෙම ප්‍රගති සමාලොචන රැස්වීම සඳහා ජාතික රූපවාහිනී සංස්ථාව ස්වාධීන රූපවාහිනිය, ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලේක් හවුස් ආයතනය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව, සැලසිනේ ආය්තනය, රූපවාහිනී අභ්හයාස ආය්තනය, පුවත් පත් මන්ඩලය, රන්මිහි තැන්න ටෙලි සිනමා ගම්මානය, ලංකා පුවත්, ජාතික චිත්‍රපට සංස්ථාව යන රාජය ආයතන ප්‍රධානිහී හූ ‍රැස්වී තිබේ. මෙම ප්‍රගති සමාලෝචන ‍රැස්වීමේදී ලංකා පුවත් ආයතනයේ 'ප්‍රගතිය' ගැනද සාකච්ඡා කෙරී ඇති බව ද දැන ගන්නට තිබේ.

ලංකා පුවත් ආයතනයේ වර්තමාන සභාපතිවරයා වන්නේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුතෙට්‍ටුවගම වන අතර ආයතනයේ සියලු කටයුතු සම්බන්ධයෙන් වගකීම උසුලන්නේ පරිපාලන අධ්‍යක්ෂක්වරිය වන්නේ දැඩි රාජපක්ෂ හිතවාදිනියක් වන දුල්මා චාරුණී කන්දරාමගේ ය.

ලංකා පුවත් වෙබ් අඩවිය යනු 1978 වසරේ යුනේස්කෝ ආයතනයේ සංකල්පයකට අනුව OANA සහ NANAP සංවිධාන වල සාමාජිකත්වය ලබා එම සංවිධාන වල සාමාජිකත්වය දරණ රටවල් අතර මිත‍්‍රත්වය ශක්තිමත් කිරීම පිණිස, ඒ ඒ රටවල ජාතික පුවත් හුවමාරු කර ගැනීම සදහා ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනයක් ලෙස ආරම්භ කරන ලද ලංකා පුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය ශ‍්‍රී ලංකාවේ පළමුවන හා එකම ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියයි.

රටවල් 154 කට අධික සංඛ්‍යාවක් සමග ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවෘත්ති හුවමාරු කරගෙන ශ‍්‍රි ලංකාවේ ජාතික කාර්යභාරයන් ලෝ‍්‍කයේ ප‍්‍රචලිත කිරිම පිණිස ක‍්‍රියාකළ ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය වර්තමාන අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන ගිය ආයතනයකි.

ජාති, පාට, පක්ෂ භේදයකින් තොරව පවතින ආණ්ඩුව සමුහ රටේ ජාතික වගකීමක් ලෙස සලකා ක‍්‍රියාකරගෙන ගිය මෙම ආයතනය මේ වන විට විනාශ මුඛයට වැටී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකරික්යකු වන නන්ද මුරුතෙට්‍ටුවෙගම මහතා මේවන විට එජාපයේ රනිල් විරෝධීන් , එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එජාපයට පැමිණි පිරිස් හා ජනාධිපතිවරයාට සමීපව සිටින නිලධාරීන් පිරිසකගේද සහභාගිත්වයෙන් ගොඩනගමින් තිබෙන නව විකපල්ප දේශපාලන ව්‍යාපාරයක් හා සම්බන්ධව සිටී. මේ හේතුවෙන් ඔහුගේ මෙම සභාපති ධුරයන් සම්බන්ධයෙන්ද මේවන විට අවිනිශ්චිතභාවයක් ඇති වී තිබේ. එමෙන්ම ගුවන් විදුලි සංස්ථාව පාඩු ලබමින් පැවැතිමද මේවන විට ගැටලුවක් බවට පත්ව තිබේ.

සැබැඳි පුවත් :
ගුවන් විදුලි සභාපති, ඇයට මෙච්චර සලකන්නේ ඇයි ?
'ලංකා පුවත් ආයතනය' නන්දෙටත් ගොඩගන්න බැරි හැඩයි. රාජපක්ෂ පිල්ලි බලවත් වෙයි
දුල්මාගේ 'ලංකා පුවත්' , ඒ මහින්දට හා අර මහින්දට ඕනෑ හැටියටයි

Last modified on Wednesday, 06 July 2016 11:43

Leave a comment

ld add copy

Connet With Us