'ලංකා පුවත් ආයතනය' නන්දෙටත් ගොඩගන්න බැරි හැඩයි. රාජපක්ෂ පිල්ලි බලවත් වෙයි

Published in පුවත්
Sunday, 03 January 2016 10:28

ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය, සභාපතිධුරයට නන්ද මුරුතෙට්‍ටුව මහතා පසුගියදා පත් වුණද තවමත් එම ආයතනය පවතින්නේ රාජපක්ෂලාගේ මඩ මාධ්‍ය නඩයක පරිපාලනය යටතේ වීම එම ආයතනය ස්වාධීන පුවත් ආයතනයක් ලෙස අතීතයේ අත්පත් කරග්නේ සිටී කීර්තිය යළි අත්පත් කර ගැනීම මුරුතෙට්‍ටුව මහතාටද නොහැකි තත්වයක්ව තිබෙන බව වාර්තාවේ.

මෙම ආයතනය ගැන අප විසින් අවස්ථා කිහිපයකදී සිදු කළ අනාවරණයන්ට මෙම ආයතනය පිළිබඳව මේවන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයද යොමුව ඇත.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇති ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය එහි පාලනාධිකාරියේ දුර්වලතාවන් හේතුවෙන් පසුගිය වකවානුවේ දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබුණි.මෙම ජාතික වටිනාමකින් යුතු ආයතනය රාජපක්ෂ යුගයේදී අගාධයට ඇඳ දැමූ පරිපාලන නිලධාරිනිය වන දුල්මා චාරුණී කන්දරාමගේ නැමැති මලපොතේ පරිපාලන දැනුමක් නොමැති වල්පල් දොඩවමින් සිටින කාන්තාව, ලැජ්ඡා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි සිංහල කියමන ඔප්පු කරමින් තවදුරටත් ලංකාපුවත් හි රැදී සිටීම හාස්‍යයට කරුණකි.

Muruttettuwegama

එනමුත් පසුගිය කාලයේ දී දුල්මා චාරුණී කන්දරාමගේ අතින් ආයතනයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතාගෙන් මේවන විට දිගින් දිගටම කුණු බැණුම් අසන තත්වයකට පත්ව ඇති බව අමාත්‍යංශ නිලධාරීන් සඳහන් කර සිටියි.එහෙත් ඇයව ඉවත් කිරීමේ හැකියාවක් කිසිවකුට නොමැති වීම පුදුමයට කරුණක් බවත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටිති.

මෙවැනි වාතාවරණයක් පැවැතියත් ජනමාධ්‍ය අමාත්‍යවරයාව සහ නියෝජ්‍ය අමාත්‍යවරයාව දුල්මා විසින් විටින් විට මුණගැසීමට ගොස් ඇය පත්ව සිටින අසීරු අවාසනාවන්ත තත්වය පිළිබඳව දුක් ගැනිවිලි කියමින් සිටින බවත් අමාත්‍යංශ නිලධාරීන්ගේ තොරතුරු අනාවරණය කරයි.

කෙසේ නමුත් යහපාලන ආණ්ඩුවේ වැරදි නිරන්තරයෙන් දකින, යළි රාජපක්ෂ යුගයක් පිළිබඳ සිහින මවමින් සිටින දුල්මා චාරුණී කන්දරාමගේ දැන් නව සභාපතිවරයාවද ඇන්දීමේ කටයුත්ත ආරම්භ කර ඇත. ඒ අනුව දුල්මා චාරුණී කන්දරාමගේ මීට පෙර සිටි ලංකාපුවත් සභාපතිවරු කිසිදු වේතනයක් ලබා නොගත් බව පවසා ඇත. නමුත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉහළ පුටුවකට ලැබී ඇති තොරතුරක් අනුව එය අසත්‍ය තොරතුරකි. මන්ද යත් මුරුත්තෙට්ටුවේගම මහතාට පෙර සිටි සභාපතිවරයාට (මහින්ද ඉලේපෙරුම) රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් මාසික “දීමනාවක්“ ලංකාපුවත් ආයතනයෙන් දුල්මා කන්දරාමගේ වෙන් කර දී ඇත. එය සිදු කර ඇත්තේ පසුගිය සභාපතිවරයා විසින් ලංකාපුවත් ආයතනයේ ගිණුම් කටයුතු සඳහා හඳුන්වා දුන් නිසි සුදුසුකම් නොමැති ආකර්ෂණීය කාන්තාවක් විසිනි. ඇයගේ මාසික වේතනය ද රුපියල් 60,000කට වඩා වැඩිය. එසේම සහායක ගිණුම් තබන්නෙක් ද මෙම ආයතනයේ කටයුතු කර ඇති නමුත් මේවන විට ආයතනයේ පසුගිය ගිණුම් වාර්තා අස්ථානගත කර ඇති බවත් වාර්තාවේ.

මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම නව සභාපතිවරයාගේ වගකීමක්වන අතර ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේ අරමුණින් ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය පිළිබඳ මෙම පුවත අප වාර්තා කර සිටිමු.

මේ අතර රාජපක්ෂ යුගයේදී විපක්ෂයට එරෙහිව මඩ ගසමින් අසත්‍ය තොරතුරු පවා පලකරමින් මෙම පුවත් ආයතනය කටයුතු කළද මේවන විට දුල්මා චාරුණී කන්දරාමගේ හිතා මතාම නව රජයේ ප‍්‍රවෘත්ති පල කිරීම නවතා ඇති අතර නව රජයේ කිසිදු සුභවාදී පුවතක් ලංකාපුවත් වෙබ් අඩවියේ පල නොකිරීමට කටයුතු කරමින් සිටියි. වත්මන් රජයට අවාසි වන ප‍්‍රවෘත්ති සොයා සොයා ඒවා හැකි ඉක්මනින් වෙබි අඩවිය වෙත නිකුත් කිරීමට කටයුතු කර ඇත. රාජපක්‍ෂ පවුල සම්බන්ධයෙන් සිදු තෙරෙන පරීක්‍ෂණවලට අදාළ පුවත් මෙම වෙබ් අඩවියේ දකින්නටම නැත. එය පසුගිය සමයේ ලංකාපුවත් වෙබ් අඩවිය පරිශීලනය කරනු ලබන පාඨකයන්ට මනාව වැටහෙනු ඇත.

එමෙන්ම මෙම දුල්මා සමඟ ලංකාපුවත් ප්‍රවෘත්ති ආයතනයේ වත්මන් විධායක අධ්‍යක්‍ෂ පී. එච්. ලිලත් ද සිල්වා නැමැති රජයේ මුද්‍රණාලයේ හිටපු මුද්‍රණාලාධිපතිවරයා සුරංඟනා ලෝකවල රැදෙමින් ආයතනය අවුල් සහගත අන්දමින් පවත්වාගෙන ගිය අතර ඔවුන් දෙදෙනා විෂය භාර අමාත්‍යවරයාවත්, අමාත්‍යංශ ලේකම්වරයාව සහ රජයේ බලධාරීන්වත් මුලා කරමින් රාජපක්‍ෂවාදී අන්දමින් ක්‍රියා කරමින් සිටියි.

පී. එච්. ලිලත් ද සිල්වා නැමැත්තා මුද්‍රණාලාධිපති පුටුවට පත්වීමෙන් අනතුරු එම ආයතනය අගාධයට ගිය බව රජයේ මුද්‍රණාලයේ සේවකයෝ තවමත් සිහිපත් කරයි. ඔහු ලංකාපුවත් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස පත්ව ඔහුගේ ටිකිරි මොලයේ දැනුම අනුව තාක්ෂණික වශයෙන් ඉහල මට්ටමේ තිබු මෙම වෙබ් අඩවිය ඉතා ප්‍රථමික මට්ටමේ වෙබ් අඩවියක් බවට ද මේවන විට පරිවර්තනය කර තිබේ.. එය සැබැවින්ම විශිෂ්ඨ නොව අතිවිශිෂ්ඨ නිර්මාණයක් බව කන්දරාමගේ පුරසාරම් දොඩවයි.  ඔහු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ වෙනුවෙන් රෙදි නැතිව කඩේ ගිය ප්‍රකට මාධ්‍ය කරුවන් තුන් හතර දෙනාගෙන් කෙනෙකි.

මේ කෙසේ නමුත් මේවන විට රජයේ ප්‍රබල අමාත්‍යවරු මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් හා නිලධාරීන් දුල්මාගේ පැටිකිරියාව පිළිබඳ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

1978 වසරේ යුනේස්කෝ ආයතනයේ සංකල්පයකට අනුව ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය, වර්තමාන අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන ගිය ස්වාධීන ආයතනයකි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා පසුගිය දෙසැම්බර් 23වනදා ලංකාපුවත් නව සභාපති ලෙස වැඩ බාර ගත්තේය.

සීඑෆ්පීඑස් නම් නීති ප්‍රවේශය සඳහා සිසුන්ට උගන්වන ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂ වරයා ලෙස දීර්ඝ කාලයක් සේවය කර අත්දැකීම් ඇති මුරුත්තෙට්ටුවේගම මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේ වත්මන් යහපාලන ආණ්ඩුව විසිනි.

 

Last modified on Sunday, 03 January 2016 20:34

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us