මහානුබාව සම්පන්න පීකොක් මන්දිරය බිමට සමතලා කරයි

Published in Gossip
Wednesday, 06 July 2016 07:08

හිටපු ජනාධිපතීවරයා කොළඹ පදිංචිය සඳහා ප්‍රථමයෙන්ම ‍තෝරාගෙන තිබුණු ව්‍යාපාරික ඒ ඒස් පී ලියනගේ මහතාට අයත් පීකොක් මන්දිරය කඩා දැමීමට තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ. මෙම නිවස කෝටි 45කට පසු ගිය කාලයේ විකිණීමට ද උත්සාහයක් ගෙන තිබිණි. පසුව හිටපු ජනාධිපති මේ නිවස පදිචිය සඳහා තෝරාගෙන තිබුණු නමුත් ඒ එස් පී ලියනගේ මහතා ඊට එරෙහිව වූයේය. නව රජයේ බලවතුගෙන් එල්ල වූ බලපෑම මත ඒ සිදුව තිබිණි.

කෙසේ නමුත් රාජපක්ෂ මහතා එම නිවසේ පදිංචියට පෙර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් රැසක්ද වාස්තු විද්‍යාවට අනුව කළ වෙනස්කම් ‍රැසක් ගැනද වාර්තා විය. එමෙන්ම එම නිවෙස් පිහිනුම් තටාකය තුල රාජපක්ෂවරුන්ගේ රත්තරන් සඟවා ඇති බවට ව්‍යාජ තොරතුරු පවා පැවසුන අතර පසුව ඒ ගැන පොලිස් පරීක්ෂණද පැවැත් විනි.

මෙම නිවස ඉක්මනින් විකුණා ගැනීමේ අදහසින් මෙහි විශ්ව ශක්තිය ඇති බවත් මහා ධන සම්පත් උදාකර දෙන හා එහි පදිංචි පුද්ගලයන්ට රාජ යෝග ලැබෙන බවත් ආදී වශයෙන් ප්‍රචාරයක් ලියනගේ විසින් මාධ්‍ය හරහා ගෙන ගියේය. කෙසේ නමුත් ඔහු බලා පොරොත්තු වු පරිදි එම නිවස විකුණා දැමීමට නොහැකි විය.

මේවන විට වෙනත් ව්‍යාපරිකයකු හා එක්වීඑ මෙම ස්ථානෙය් මහල් 18 ක  නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ලියනගේ පිඹුරුපත් සකසමින් තිබේ. ඒ අනුව නුදුරේම මෙම පීකොක් මන්දිරය මුළු මනින්ම කඩා දැමීම සිදුවීමට නියමිතය.

Last modified on Wednesday, 06 July 2016 07:41

Leave a comment

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us