වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ඊයේ (08) දින පැවැති වැටුප් මණ්ඩලයේ දී අනුමත වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වී ස්තූති පළ කර තිබේ.

කිරි ගොවින් සඳහා අයවැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන ලෙස අදාළ බලධාරීන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ උපදෙස් දී තිබේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩිකිරීමට තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා තීරණය කර තිබෙනවා.

කොළඹ ගාලුමුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කෙරේ.

පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේනවා.

ගුණාත්මක බීජ ගොවි ජනතාවට ලබා දීමේ අරමුණින් බීජ නිෂ්පාදන ගොවිපොළ කිහිපයක් රජය හා පෞද්ගලික අංශ මගින් ආරම්භ කිරීම පිළිබද අවධානය යොමුව තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා තමන්ගේ ෆේස්බුක් පි‍ටුවෙහි සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභයට උපදෙස් දීමට පෙළඹට තිබිණි.

ලබන මස පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 - 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

ld add copy

Latest News

Connet With Us