ඉකුත් මහ මැතිවරණ සමයේ යුද හමුදා සෙබළුන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාඅම්මාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (09) ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

පසුගිය ජාතික නිදහස් දින උලෙළ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයෙහි අවධාරණ කරනු ලැබු වැදගත් කරුණක් වූයේ තමන්ව බලයට පත් කිරීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව සහයෝගය දැක්වූ නමුත් පෞද්ගලික සහ ව්‍යපාරික වුවමනාවන් වෙනුවෙන් එලෙස සහයෝගය දැක්වූවන්ගේ ඉල්ලීම් අනුව කටයුතු නොකරන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වගකීම ඉන්දියානු දේශපාලනික වුවමනාවක් මත සිදු වූවක් බව තහවුරු කෙරෙන මත දැක්වීම් ‍රැසක් මෑතක සිට කරලියට එමින් තිබේ.

සමගි ජන බලවේගයේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු මෙන්ම එහි උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා එජාප නයක රනිල් වික්‍රමසිංහ හමුවී විපක්ෂයේ දේශපාලන නායකත්වය ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (Islamic State in Iraq and Levant – ISIL) ශ්‍රී ලංකාවේ අනුගාමිකයන් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් තහවුරු කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේ.

සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළයුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ප්‍රකාශ කර තිබේ.

දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර ඇති බව වාර්තා වෙනවා.

ld add copy

Latest News

Connet With Us