විදේශ විනිමය ගැටළුවක් නිසා විදේශ ආනයනයන්ට පනවා තිබෙන දැඩී සීමාවන් සම්බන්ධයෙන් යුරෝප සංගමය සිය කනස්සල්ල ශ්‍රි ලංකා බලධාරීන්ට පළ කර තිබේ.

පාසල් පෙළපොතට අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ.

උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබාදීමේ හැකියාවක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අධිකරණ කටයුතු අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ.

පසුගිය සමයේ පාඩු ලැබූ ලංකා සීනි සමාගම නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ ජනක නිමලචන්ද්‍ර තරුන සභාපතිවරයෙකුගේ නව අදහස් තුලින් සහ නායකත්වය තුලින් ලංකා සීනි සමාගම මේ වන විට රටේ වැඩිම ලාභ ලබන ආයතනයක් බවට වසරක් තුල සාර්ථකත්වයට පත් වී ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ld add copy

Connet With Us