පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කොකේන් මිලිග්‍රෑම් 770 ක් සහ අයිස් මිලිග්‍රෑම් 550 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.
කොරෝනා රෝගීන්ට නාවින්න ආයුර්වේදයේ දී දේශීය ප්‍රතිකාර
කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.
වරාය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි. විරෝධතා මර්දනයටදැයි සැකයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට නොමිලේ දීමට WHO එකඟ වෙයි
කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.
ස.තො.ස. ආයතනයෙන් මාක්ස් මිළදී ගන්නාවිට රු.1 ක් මහපොළට
සතොස ආයතනය මඟින් අලෙවි කරන සෑම මුහුණු ආවරණයකින්ම ලැබෙන ආදායමෙන් රුපියලක මුදලක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පැමිණිලි සදහා ඔන්ලයින් වෙබ් අඩවියක්
විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.
කැළිකසළ ගැටලුවට තිත තැබීමේ අරමුණින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.