පිළිකාකාරක අඩංගු පොල්තෙල් දේශීය වෙළෙඳපොළට ගෙන්වීමට කටයුතු කළ අයට දැඩි දඬුවම් පමුණුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයැබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව සිය වාර්තාව සකස් කර තිබේන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල සදහන් කර තිබෙනවා.

උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීමේ පුළුල් මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

නිවාස නොමැති කොළඹින් බැහැර ජන කොටස් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන් මාලාව තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාන්තික ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබාදීමේ නව නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පසුගිය දා අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරිණ.

විදෙස් රටවල සිට සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණි විදේශිකයන් 1250කට දේශපාලන රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ ගොඩනගන ලද කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන තෙත්බිම් උද්‍යානය වන දියසරු උයනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මගේ උපදෙස් පරිදි නව විශේෂාංග රැසක් එකතු කොට පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාතේ සියලු පාසැල් අද විවෘත කෙරුණා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි මෙලෙස ආරම්භ කෙරුනේ.

ඉදිරියේ දී පළාත් සභා ඡන්දය පවත්වන බවත් පළාත් සභාව හොද නැත්නම් ව්‍යවස්ථාවක් ගෙනත් ඒක වෙනස් කළ යුතු බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ld add copy

Connet With Us