වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අද තද වැසි

Published in පුවත්
Sunday, 12 May 2024 11:21

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා දීම සඳහා සිකුරාදා අනුමත වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රටවල් 77 අතර ශ්‍රී ලංකාව ද විය.

රුසියා - යුක්‍රේන යුද්ධයේදී මියගිය මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව, 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එළෙඹෙන වෙසක් පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

කඩවත - මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ld add copy

Connet With Us