ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.

දෙවනවර කියවීම සඳහා අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.

එළඹෙන ජූනි මස 05 වනදා එනම් හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින්

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගංවතුරේ විනෝද වෙමින් ජලයේ රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ජල පහරකට හසුවී ගසාගෙන ගොස් තිබේ.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබේ.

ld add copy

Latest News

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා...

Connet With Us