2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු හෙට (26) දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබේ. 

රිෂාඩ්‌ බද්යූදීන්‌ ගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත්‌ ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත්‌ තමන්‌ එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ්‌ අබ්දුල්ලා මහරුප්‌ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා, මහ ලේකම් දොන් ඇන්ටනී ජයකොඩි පියතුමා ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ.

ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ සපයාගත නොහැකිව දුක්විඳි ජනතාවගේ එම අවශ්‍යතා සපුරාලීම වරදක් නම් තමා එම වරද භාරගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

එදා ජන­තාව විඳි දුක දැක දැකත් අනු­කම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේම­දාස සහ අනුර දිසා­නා­යක රට ඉදි­රි­යට ගෙන­යෑ­මට සුදුසු දැයි මේ රටේ ජන­තාව තීර­ණය කළ යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.

අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us