බොරතෙල් මිල ඉහළට

Published in පුවත්
Wednesday, 28 August 2024 11:58

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් ලබා දී තිබේ.

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසා සිටියි.

මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන කරුණු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන්ම අවසන් වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකිය.

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 වන බ්‍රහස්පතින්දා රටට ඉදිරිපත් කරන බවත්, සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us