ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට

Published in පුවත්
Friday, 04 October 2024 11:57

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට නියමිත බව වාර්තා වේ. අද දින මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් මෙම ආරාධනය සිදුකරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේ ජයිශංකර්ය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ අසල්වැසි පළමු ප්‍රතිපත්තිය සහ සාගර් ඉදිරි දැක්මට අනුකූලව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට දෙරටේ හවුල් කැපවීම ජයිශංකර්ගේ සංචාරය අවධාරණය කරන බවයි.

මෙම සංචාරයේදී ජයිශංකර් ශ්‍රී ලංකාවේ ඉන්දීය අරමුදල් සපයන ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ නව නායකත්වයන් සමඟ සාමාන්‍යය සම්ප්‍රදාය අනුව සුහද සාකච්ඡා සඳහා නවදිල්ලි නුවරට ආරාධනා කිරීම සිදු වේ.
දිසානායක මහතා මෙම ආරාධනය පිළිගෙන පෙර ජනාධිපතිවරුන්ගේ මෙම සම්ප්‍රදාය රකිනු ඇති බව දැනගන්නට ඇත.

දින නියම කර නැතත් ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුවය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us