තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර ඇත.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක් තිබේ.

යුධ නෞකාවක් වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා  අද දින (26) කොළඹට පැමිණෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us