රටේ ආර්ථික අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් භාර ගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නොවන බවත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව භාර ගත්තේ රට වැටුණු තැනින් ඉහළට එසවීමේ අභියෝගය වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ එම අමාත්‍යාංශයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් අතර හමුවක් සිදුව තිබේ.

ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසූ පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටබුන් නාඋල - බඹරගහවත්තෙන් හමුවී ඇත.

මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන දයාසිරි ජයසේකර හා ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ බව වාර්ථාවෙයි.

ld add copy

Connet With Us