මැතිවරණය සදහා තරුණ නියෝජනය ඉහළ දැමීමට සජබයෙන් සුදානමක්

Published in පුවත්
Thursday, 03 October 2024 09:07

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් තරුණ නියෝජනය ඉහළ දැමීමට නාම යෝජනා මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

සමගි ජන සන්ධානය මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදීමේදී කාන්තාවන් සහ තරුණයන් සඳහා වැඩි අවස්ථාව ලබා දීමට පක්ෂය තීරණය කළ බව ඒ මහතා ප්‍රකාශ කරන්නේ.

තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇති බැවින් එම යෝජනාවලට සවන් දී මෙම තීරණය ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මේ අනුව, කාන්තාවන් හා තරුණයන් ඇතුළත් වන ලෙස නවතම අපේක්ෂකයන් තිදෙනෙකු හෝ දිස්ත්‍රික්කයකින් පත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දෙනවා.

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානය නියෝජනය කළ පක්ෂ සමග එකතු වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහාත් තරග කරන බවයි ඔශු ප්‍රකාශ කළේ.

සමගි ජන සන්ධානය සමග අලුතෙන් සන්ධානගත වන පක්ෂ මොනවාදැයි සාකච්ඡා කර බලා ඉදිරියේදී දැනුම්දෙන බව මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

-p.m

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us