වසංගතයෙන් මිය යන ඌරු මළකුණු මුතුරාජවෙල රක්ෂිතයට බැහැර කල අය සොයා විමර්ශන

Published in පුවත්
Friday, 04 October 2024 10:09

මේ දිනවල වසංගත රෝගයකින් දෛනිකව මියයන සිය ගණනකට අධික ඌරන්ගේ ශරීර කොටස් මුතුරාජවෙල රක්ෂිතය අවට වලට බැහැර කළ පුද්ගලයන් සොයා පොලිස් ස්ථාන කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ජාඇල, වත්තල, කදාන, සීදුව යන වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් තුළ මේ වන විට සූකර ගොවිපොළ ආශ්‍රිත සතුන් හට කිසියම් වසංගත රෝගයකින් පෙලී මියයමින් සිටින බවත් පැතිරී ඇති රෝගි තත්ත්වයෙන් මිය යන සතුන් හා සතුන්ගේ ශරීර කොටස් හොර රහසේ ඇළ දොළ ඇතුළු ප්‍රදේශය පුරා විවිධ තැන්වලට බැහැර කර ඇති බවත් ජනතාව පවසති.

මියගිය ඌරන්ගේ ශරීර කොටස් බැහැර කිරීම නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පැතිරෙමින් දැඩි පාරිසරක හානියක් සිදුවමින් පවතින බවද ප්‍රදේශවාසීහු පවසති.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.ඒ.එම්. හිජාස් පවසන්නේ අදාළ ප්‍රදේශයන් සහ විශේෂයෙන් මුතුරාජවෙල රක්ෂිතය අවට මේ දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැඩි පරික්ෂාවට ලක් කරගෙන යන බවය.

මේ පිළිබඳ ජාඇල, කඳාන, පමුනුගම යන පොලිස් ස්ථානවල පරිසර ආරක්ෂා කිරීමේ අංශ විසින් අවධානය යොමු කර තිබේ. පරිසරයට හානිවන අන්දමින් සිදු කරන මෙවන් කටයුතුවල නියැළී සිටින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීත්‍යනුකුල පියවර ගන්නා බව එම අංශ සඳහන් කරති.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us