මෙරට සිදු වූ ආන්දෝලාත්මක අපරාධ විමර්ශන වල ප්‍රගතිය ගැන පරීක්ෂණ

Published in පුවත්
Friday, 04 October 2024 09:00

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශන වල ප්‍රගතිය සොයාබැලීම සඳහා මෙම සාකච්ඡාව කැදවා ඇත.

මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූ බව පොලිසිය පැවසීය.

මේ වන විට සිදුකරගෙන යමින් පවතින විමර්ශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන ඇත්නම් ඒවා මොනවාද, එසේ නැවැත්වීමට දේශපාලන හේතු බලපා තිබෙනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇත.

මේ අතර අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන සහ අළුතින් ආරම්භ කළ යුතු විමර්ශන ඇත්නම් ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.

එමෙන්ම එසේ විමර්ශන ප්‍රමාද වී තිබේනම් ඒවා මොනවාද යන්න පිළිබඳවද සාකච්ඡාකළ බවද පොලිසිය සඳහන් කළේය.

මෙහිදී වැදගත් විමර්ශන රාශියක් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, එම සාකච්ඡාවට අදාළ කරුණු පිළිබඳ වාර්තාවක් සකස්කර ඉදිරි විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.

-p.m

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us