බැදුම්කර වංචාවට රනිල් වික්‍රමසිංහගේ කිසිම සම්බන්ධයක් නැති බව ඔප්පු වෙලා ඉවරයි -ධනුෂ්ක රාමනායක Featured

Published in පුවත්
Friday, 04 October 2024 09:14

බැදුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එම වංචාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි තහවුරු කරමින් නිදහස් කර ඇති බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා මෙම නිවේදනය නිකුත් කර තිබුණේ , කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි.

එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරිමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ බවත් , 2015 පෙබරවාරි 27 වන දින සිදු කළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව එමගින් විමර්ශනය කළ බවත් එම නිවේදනයේ සිහිපත් කර තිබේ.

හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක මහතා පවසන්නේ, අනතුරුව එවක විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පරීක්ෂණයක් සිදු කළ බවයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුන් අතර වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කළ බව ධනුෂ්ක රාමනායක මහතාගේ නිවේදනයේ සඳහන් ය.

එහි දැක්වුණේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්‍ෂණ මෙහිදී සිදුකලද මහ බැංකුව විසින් අදාළ සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති බැවින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු වූ බවයි.

කෙසේවෙතත් නීතිපතිවරයා 10 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ එච්. නාමල් බණ්ඩාර බලල්ලේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගෙන සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ බවත් එම නිවේදනයේ සඳහන් ය.

නීතිපතිවරයා මෙම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය හමුවට ගියත් එයද ප්‍රතික්ෂේපවූ අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ අභියාචනය 2025 ජනවාරි මාසයේදී විභාගයට ගැනීමට නියමිත බව රාමනායක මහතාගේ නිවේදනයේ පෙන්වාදී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මුල් අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට 59 දෙනෙකු ලැයිස්තුගත කර ඇති නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂිකරුවෙකු හෝ නොවන බවද එම නිවේදනයේ පෙන්වාදී තිබේ.

එහි සඳහන් කර තිබුනේ, විජිත හේරත් මහතා චෝදනා කරන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යම් මුක්තියක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නොතිබූ අතර කිසිම අවස්ථාවක එවැනි මුක්තියක් ඉල්ලා නොමැති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ මෙරට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය වසර දෙකක් තුළ සමනය කර දුන්නා පමණක් නොව, දිග්ගැස්සෙන අරාජිකත්වයක් වෙත ඇදීගිය රටක් නිදහස් හා සාමකාමී තත්ත්වයකට පත්කළ බවද හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වාදී දෙයි.

ඔහු නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වූයේ, අධිකරණයේ ස්වාධීනත්වය ද මේ වනවිට හොඳින්ම තහවුරු කර තිබෙන බැවින් ඕනෑම සිදුවීමකට අදාළව යුක්තිය පසිඳලීමට බාධාවක් නොමැති බවයි.

පසුගිය අගහරුවාදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අනිවාර්යෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 -p.m

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us