ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

මාසයක පමණ කාලයක් තිස්සේ හිඟව පවතින වකුගඩු රෝගීන් හට අත්‍යවශ්‍ය එරිත්‍රොපොයිටින් (Erythropoietin) එන්නත මෙම සතියේ දී ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

ඇල්ල මාරක අනතුරින් මියගිය සියළුදෙනාගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ සහ තංගල්ල වෙළද සංගමයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු කරන බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ පවසනවා .

ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව හැට දහසක් පමණ වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

වසරකට ළමා පිිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ (NCCP) උපදේශක ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසයි.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us