අන්දමන් දූපත් ප්‍රදේශය ආසන්නයේ මෙම අඩු පීඩන කලාපය වර්ධනය වීමේ හැකියාව පවතින බවද ඔහු කීවේය.
එම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර පළාත්වලට මෙමස 23 වැනිදා සිට වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.
මේ අතර මේ දිනවල ඇද හැලෙන වැසි හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ඇත.ඊට අමතරව පොල්ගොල්ල ජලාශයේද වාන් දොරටු 06ක් අඟල් 18 බැගින් ඊයේ (18 වැනිදා) අලුයම සිට විවෘත කර තිබේ.
තවද මඩකලපුව කලපුවේ ජල මට්ටම ද පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් තිබිණි.

