එම තත්ත්වය දිගටම පැවැතියහොත් 2030 වසර වනවිටදී සමස්ත නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 ඉලක්කයට යාම සිහිනයක් පමණක් වනු ඇති බවත් ඊට ඉක්මනින් විසඳුම් ලබානොදුනහොත් තවත් වසර පහක් පමණ යන විට තේ කර්මාන්තයේ මළගම උදාවෙනු ඇති බවත් එම සංගමයේ සභාපති ප්‍රේමකුමාර ගන්කන්ද පැවසීය.
තේ වතු බොහොමයක් දැනටමත් කැලෑවට අත්හැර දමා ඇති බවද පැල්මඩුල්ලේ රිල්හේන වතුයායේ අක්කර 3600න් දැනට ඉතිරිව තිබෙන්නේ අක්කර 1500ක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙසේ තේ වතු කැලෑ වැවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ වතුවල වැඩට කම්කරුවන් නොමැතිවීම සහ වර්තමානයේදී වතුවල තරුණ පිරිස් විවිධ රටවල්වල රැකියාවලට ගොස් තිබීම යැයි හෙතෙම කීවේය.
මධ්‍ය පරිමාණ තේ වැවිලිකරුවන් මුහුණ පා සිටින ගැටලු සාකච්ඡා කිරීම සහ ඒවාට විසඳුම් දීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත හා වතුයටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති ප්‍රදීප් සුන්දරලිංගම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල වවුලුගල වතුයායේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
තේ දලු අස්වැන්න අඩුවීමට බලපා ඇති අනිත් ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ පොහොර නොමැතිවීම බවත් දැනට පොහොර ලබාදෙන කිව්.ආර්. ක්‍රමවේදය වැරැදි බවත් සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

