තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති රනිල්ගෙන් සැලසුමක්
ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
තද සුළං සහ මුහුද රළු වීම පිළිබද අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දීර්ග කාලයක් පුරා මුහුණ දෙන රියැදුරු බලපත්‍ර පිළිබඳ ගැටළුව සහ ඉතාලියේ මෙරට විදේශ අංශයන් හී දුර්වලතා හේතුවෙන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීමට යැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඉතාලි සංචාරයක යෙදෙන බව ප්‍රසිද්ධ කර ඇති නමුත් ඔහුගේ පැමිණීම අවංක චේතනාවකින් සිදු නොවන්නක් බව ඉතාලියේ මෙරට පුරවැසියන් සැක පල කරයි.
සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම් වන බව වාර්තා වී තිබිණි.
විදුලි සංදේශ නියාමන පනත සම්මත වීමෙන් පසු ඊලොන් මස්ක් ලංකාවට
විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත ඊලොන් මස්ක් ලංකාවට ගෙන්වනවා.” යැයිද ජනාධිපතිවරයා පවසයි.
රජයේ ඉඩම්වල පදිංචි, රණවිරුවන්ට ඉඩමේ සින්නක්කර අයිතිය පවරයි
රණවිරුවන්ගේ පදිංචියට දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබේ.
පාතාල මර්දනයට ඉදිරියට තබපු පියවර පසුපසට ගන්න පොලිසිය සුදානම් නැහැ - පොලිස්පති
පාතාල මර්දන ක්‍රියාවලියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට තොරතුරු පතුරවමින්, තර්ජනය කරමින් නම් ලැයිස්තු සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් බියගැන්වීම සඳහා උත්සාහ ගත්ත ද, පාතාලයට විරුද්ධව ඉදිරියට තබපු පියවර පසුපසට ගැනීමට පොලිසිය සුදානම් නොමැති අතර, පසුගිය යුද සමයේ ත්‍රස්තවාදී තර්ජන සඳහා නොබියව මුහුණ දී තම ජීවිතය පරිත්‍යාග කළා සේම වර්ථමානයේ කුඩු සහ පාතාලය තුරන් කිරීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරීන් දහස් ගාණක් පොලිසිය සතුව සිටින බව පොලිස්පතිතුමන් පැවසීය.