මෙම නවීන තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ මෙහෙයවීම නර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර තිබේ.
දීර්ඝ කාලයක් සිදු කළ පර්යේෂණ වලින් අනතුරුව ත්‍රිරෝද රථය කිලෝ වොට් 5ක මෝටරයකින් සහ කිලෝ වොට් 7ක බැටරියකින් බල ගැන්වෙන ලෙස නිර්මාණය කර ඇත.
මෙම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 125ක දුරක් ධාවනය කිරීමට හැකියාව ඇති බව එම ඉංජිනේරුවන් පවසයි.
නර්ඩ් ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයතු සමරවික්‍රම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඉංජිනේරුවරුන්, තාක්ෂණලාභීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
-දිනමිණ

